පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දී ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඊයේ (12)සිය රාජකාරී ආරම්භ කළාය. 51 වසරක් සපුරා ඇති ජාතික ලොතරැයි මණ්ඩලයට කාන්තාවක් සභාපති ධුරයට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයය.

පසුගිය රජය සමයේදී කොළඹ දිස්ත්‍රීක්කයේ පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද අදාළ කරගනිමින් කළ ප්‍රකාශය මත පදනම්ව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා අද (13) රහස් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී ජඅන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසුවේය.

හෙද සේවාවේ වෘත්තීමය අයිතීන් තහවුරු කිරීම සඳහා රජයේ හෙද නිළධාරින්ගේ සංගමය සංවිධානය කළ සම්මේලනයේ දී හෙද සේවාවේ අභිලාෂයන් නව රජයේ ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රධානින්ගේ අවධානයට ලක් කෙරිණි.

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(13)ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ගතවූ වසර 20 ක කාලය තුළදී පැවැති රජයන් යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසා සිදුවූ අසාධාරණයන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ ආරක්ෂාවට කන්තලේ පොලීසියේ නිළධාරීන් 28 දෙනෙකු හා ඇමැති ආරක්ෂක අංශයේ නිළධාරීන් 6 දෙනෙකු යොදවාගෙන ඇතැයි වාර්තාවේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us