විශ්වාසභංගය දිනුවොත් ආණ්ඩුවම ගෙදර. ජනපති ‍රැකෙයි- ෆයිසර්.. ඒත් අවසන් තීන්දුව උසාවියෙන් - අමුණුගම Featured

Published in පුවත්
Thursday, 29 March 2018 18:24

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඈමැති ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ශය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය ජයග්‍රහණය කළොත් අගමැතිවරයා ඉවත් වීමත් සමඟ කැබිනට් මණ්ඩලයම අහෝසි වන බවය. එහෙත් ජනාධිපතිවරයාගේ ධුරයට හානියක් නොවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ නෛතිකමය ප්‍රතිපාදන ඇති බවත් පෙන්වා දුන්නේය.

ඊයේ වජිර අබේවර්ධන ඇමැතිවරයා විශ්වාසභංගය ජයග්‍රණය කළ හොත් ජනාධිපතිවරයාටද තනතුර අහිමිවන බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ඔහු මේ පැවසීය.

එහෙත් මෙම මාධ්‍ය හමුවේදීම අදහස් දැක්වූ ඇමැති සරත් අමුණුගම පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ගන්නා කවර තීන්දුවක් වූවත් බලාත්මක කිරීමේ හැකියාව ඇත්තේ කතානායකවරයාට පමණක් බවය. එසේම පාර්ලිමෙන්තුවේ තීන්දුවට එරෙහිව අධිකරණයට ගොස් එය වෙනස් කිරීමේ හැකියාවද පවතින බවද එම නිසා අනාගතයේ සිදුවන කිසිවක් ගැන අනාවකි පල කිරීම සිදු කළ නොහැකි බවත් ඔහු පැවසීය.

එසේම ශ්‍රිලනීපය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවද ඇමැති දෙපළ අවධාරණය කළේය.

මේ අතර වෙනත් පාර්ශ්ව ගන්නාවක්ම පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා බවට ව්‍යවස්ථාවේ සඳහන් වන බැවින් ආණ්ඩුවට එරෙහිව ගෙනත් තිබෙන විශ්වාසභංගය ජනාධිපතිවරයාටද බලපැවැත්විය යුතු බවය.

කෙසේ නමුත් දැන් මෙම විශ්වාසභංගය සංකීර්ණ නෛතිකම ගැටලුවක් දක්වා පරිවර්තනය වෙමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us