මංගලටත් විශ්වාසභංගයක්...

Published in පුවත්
Friday, 30 March 2018 08:18

අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාටද විශ්වාසභංගයක් ගෙන ආ යුතු යැයි "එළිය" සංවිධානයේ කමිටු සාමාජික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

එසේ විශ්වාසභංගයක් ගෙන ආ යුතු වූයේ රටේ ස්වෛරීභාවයට කළ හානිය නිසා බවද ඒ මහතා පැවැසීය.

' අපි පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසිවාරයට සහභාගි වුණා. මේ සැසිවාරයේදී තමයි ලංකාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළේ මානව හිමිකම් කොමසාරිස්වරයා. ඒ ප්‍රකාශයෙන් කිව්වේ 30/1 යෝජනා නිර්දේශ යම්තාක් දුරට ඉටුකිරීම සම්බන්ධයෙන් සතුටුවන බවයි. නමුත් අනික් කාරණා ඉටුනොකිරීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වෙන බවත් ප්‍රකාශ කළා.

30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි බැඳී සිටිනවා. මොකද අපි එයට අනුග්‍රහය දැක්වුවා. අපි අද ස්වාධීන රටක් නෙවේ. අතුරුදන් වීමේ කාර්යාල පනත විවෘත කරලා තිබෙනවා. දෙමුහුන් අධිකරණ ඇතිකරලා තිබෙනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත සම්මත කරලා තිබෙනවා. දකුණු ආසියාවේ කිසිම රටක් එම පනත නීතිගත කරලා නැහැ. ඒ වගේම ව්‍යවස්ථා වෙනසක් පිළිබඳව කතා කරනවා. ඒ සඳහා ජනවරමක් නැහැ මේ ආණ්ඩුවට. දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ට අවශ්‍ය නිසයි මේ දේවල් සිදුකරන්නේ.

ඒ වගේම සංක්‍රාන්ති යුක්තිය ඉටුකළ යුතුයි කියන දෙයක් මෙහි ඇතුළත්. සංක්‍රාන්ති යුක්තියක් ගේන්න පුළුවන් වෙන්නේ අවුරුදු ගණනාවක් පුරා ප්‍රජාතන්ත්‍රවාදය නැතිව මානව හිමිකම් කඩකළ රටවලටයි. මොකද ක්‍රම ක්‍රමයෙන් තමයි ඒ රටවලට සාමය උදාවෙන්නේ. අපේ රටට එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපට එය බලපාන්නේ නැහැ. මේ 30/1 යෝජනාවේ තිබෙනවා. දෙමුහුන් අධිකරණයකට යනවා කියලා. නමුත් ජනාධිපතිවරයා දෙමුහුන් අධිකරණයකට යන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් මේ සැසිවාරයේදී පෙත්සමක් ඉදිරිපත් කළා. මේ යෝජනාවලට සහාය දක්වපු මංගල සමරවීර ඇමැතිවරයා ඒ දේ කළේ පාර්ලිමේන්තුවේ හා ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරවයි.'

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us