ගෝඨා ඉගෙන ගෙන එන්න චීනේ ගිහින්....

Published in පුවත්
Friday, 30 March 2018 08:50

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30දා) උදෑසන චීනය බලා පිටත්ව ගොස් තිබේ. මීට කලකට පෙර චීන රජයේ ආරාධනාවකට අනුව එරට ප්‍රකට උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනාන් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පාලනය හා ආර්ථික කළමනාකරණය පිළිබඳ පාඨමාලාවකට සහභාගි වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේ චීනය බලා පිටත්ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මසක පමණ කාලයක් චීනයේ යුනාන් සරසවියේ අධ්‍යයන කටයුතුවල නිරත වීමට නියමිතය.

මේ අතර පසුගියදා මෙරට නව චීන තානාපතිවරයා ලෙස පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන නියෝජිතයා සමඟ ගොඨභය විශේෂ සාකච්ඡා වට ගනනාවක්ම පැවැත්වූ බවද වාර්තා විය.

චීනයේ CICIR (China Institutes of contemporary International Relations) ආයතනය මෙරට දේශපාලනය කළමනාකරණය කිරීම මෙහෙයුමකට සම්බන්ධව සිටින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක සිටින බව මීට පෙර අනාවරණය වී තිබිණි. මෙම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් වඩාත්ම බලපෑම් සහගත ආයතනයක් ලෙස සැලකෙන අතර චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයකි.

එසේම මෙම වැඩසටහන පාත් ෆයින්ඩර් නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපතී, ජනාධිපතිවරයගේ ජාත්‍යන්තර කටයුතු උපදේශකයකු මෙන් පෙනී සිටින මිලින්ද මොරගොඩගේ මැදිහත් වීම අනුව ක්‍රියාත්මක වන්නක් බවද දැන ගැනිමට තිබේ. මිලින්ද මොරගොඩ යනු කිලි මහරාජා විසින් මෙහෙයවන දේශපාලන පිල්ලියක් වන අතර ගොඨාට දේශපාලනය ඉගැන්වීමේ කොන්ත්‍රාත්ත්ව බාර දී තිබෙනෙ ඔහුටය.
එමෙන්ම ගොඨා මේ වන විටත් ජනාධිපති මෛත්‍රීපාල සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. එමෙන්ම කිලී මහරාජා ජනාධිපතිවරයා හා ගෝඨා සමඟ ද ඉතා සමීප සම්බන්ධතාවයක් නඩත්තු කරමින් සිටී. ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය මුලුමනින්ම කිලී මහරාජා විසින් මෙහෙයවනුද ලබයි.

Last modified on Friday, 30 March 2018 08:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us