එජාප අනාගතය 20 දෙනෙකු අතේ... රනිල් යන්න සූදානම්

Published in පුවත්
Thursday, 29 March 2018 15:11

ඉදිරියට යා හැකි නායකයින් විසි දෙනකු තමා හඳුනා ගෙන සිටින බවත් තමාට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ජයග්‍රාහී මාවතට ගෙන එමින් එම නායකයින්ට පක්ෂය භාර දීමට බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ අවධාරණ කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව අන්ත පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීන්දු කළේය.

ඊට අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ අවස්තාවෙදී කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් අවධරණය කර සිටියේ සියලු දෙනාම එකට එක්ව මේ විශ්වාස භංගය පරාජයට පත් කළ යුතු බවය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මුලස්ථානයේදී අද (29) උදේ රැස්විය.

මේ අතර නායකයාගේ සිට පහළට එක්සත් ජාතික පක්ෂයේ සිදු විය යුතු පුළුල් ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස පළමු වැනිදා සිටම ආරම්භ කළ යුතු බව අවධාරණය කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අප්‍රේල් මස 10 වැනිදා වන විට අවසන් කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.

විශ්වාස භංග යෝජනාව පරාජය කළාට පසු ඉතිහාසයේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සටහන්වලට අත්වූ ඉරණම මේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළටත් අත් වේවි ද යන සැකය සියලු දෙනා අතර තිබෙන බව සුජීව සේනසිංහ සහ දයා ගමගේ යන මහත්වරුන් එහිදී කියා සිටියේය.

එහිදී වහාම මැදිහත් වූ ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේ එවැනි ඉරණමක් මෙවර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළටත් අත් වීම වළක්වා ගැනීමට සියලු දෙන එකට එක්ව ක්‍රියා කළ යුතු අතර ඒ සඳහා සියලු දෙනාට වගකීමක් තිබෙන බවය.

එහිදී වහාම නැගී සිටී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණයෙන් යුතුව කියා සිටියේ ඉදිරියට යා හැකි නායකයින් විසි දෙනකු තමා හඳුනා ගෙන සිටින අතර තමාට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ජයග්‍රාහී මාවතට ගෙන එම නායකයින්ට පක්ෂය භාර දීමට බවය.


LankaNewsWeekඇසුරෙණි

Last modified on Thursday, 29 March 2018 15:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us