අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය ජය ගැනීමෙන් පසුව පිහි‍ටුවනු ලබන අලුත් සන්ධාන ආණ්ඩුවේ අගමැතිධුරය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතාට ලබාගැනීම සඳහා කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් මහින්ද රාජපක්ෂට වඩා හිතවත් කණ්ඩායමක් විසින් දියත් කර තිබෙන බව විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද (08) පස්වරුවේ කැඳවා තිබේ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් පෙරේරා හද සැත්කම් නැවැත්වීම හේතුවෙන් කරාපිටිය මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක් මතු වී තිබේ. මේ වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට තිබෙන විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ රෝගීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙනි.ලංකාවේ පළමු වරට සිදුකල විශ්මිත සැත්කම් කිහිපයක් මේ වෛද්‍යවරයා විසින් සිදු කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාෂයකට තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ. මැතිවරණ කොට්ඨාෂයකට තරග වැදීමෙන් තමන්ට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව රාජපක්ෂ මහතාගේ මතය වී තිබේ. තමන් ඉලක්ක කරගෙන දූෂණ වංචා අපරාධ චෝදනා සෘජුවම එල්ලවිය හැකි බවත් එහිදී ඊට තනිවම මුහුණ දීම අපහසු හා අවාසි සහගත බවත් ඔහු පෙන්ව දී ඇතැයි වාර්තාවේ.

මහ මැතිවරණයකට පැමිණ ඉන් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඊයේ (7) අභියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසමේ සභාපතිවරයා එම කොමිසමේ කටයුතු අඩපණ කරන අයුරින් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ ඔහුට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් කොට කඩිනමින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස කැෆේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් එළිදැක්වීම සඳහා මේ වනවිට ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළකර විවිධ ජන කණ්ඩායම්වල උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ යෝජනා ලබාගනිමින් සිටින බවත් එම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉතා ඉක්මනින් අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කරන බවත් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ld add copy

Connet With Us