සීගිරිය ගොවිපල පාර නමින් රුපියල් ලක්ෂ 6ක මුදලක් ප්‍රාදේශීය සභාව මගින් අනුමත කොට මෙම මාර්ගය කපා ඇතිබව ගම්වාසීන් පවසයි. ඔවුන් කියා සිටියේ ගෙඩි ගස් වලාන උඩවලයාගම ගම්මානයට විශාල අඩුපාඩු කම් පවතිද්දී ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කිසිදු අයකු පදිංචි නොමැති කිහිපදෙනෙකු පමණක් රජයේ රක්ෂිත අල්ලාගෙන ගොවිතැන් කරන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක විශාල මාර්ගයක් ඉදිකර ඇති බවය.
දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමනසිරි බණ්ඩාර ගොවීන් පිරිසකුත් සමඟ අප රැඳී සිටි දඹුල්ල ප්‍රාදේශීය සභාවට පැමිණ කියා සිටියේ මෙම මාර්ගය පිළිසකර කිරීම සඳහා තමන්ට දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඇති බවයි.
මාර්ගය කැපීම සඳහා ඒ අනුව අවශ්‍ය පියවර ගත් බවත් එය වැරැද්දක් ඇත්නම් තමන් ඕනෑම දඬුවමක් විඳීමට ද සූදානම් බවයි.