නාමල් සහ මහින්දටම ඵල දුන් හැටි Featured

Published in පුවත්
Thursday, 06 September 2018 20:51

රස්තියාදුකාර බේබදු හොරු රංචුවක් ආණ්ඩු පෙරලන්න හිතාගෙන කොළඹ රස්තියාදු ගැසූ පුවත අනාගතයේදී ජනශ්‍රැතියට එකතු වන විහිළු කතාවක් වනු ඇත. ඒත් ඛේදවාචකය නම්, කොළඹ වටලෑම මීහරක් රංචුවකගේ තප්පුලාලෑමක් බවට පත්ව රාජපක්ෂලා දේශපාලන වශයෙන් බංකොලොත් වීම සැප්තැම්බර් 05 වෙනිදා සනි‍ටුහන් වීමයි. ජනප්‍රිය වීදි සටන් කරුවෙකුව සිටි මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය ඔහුගේ ඔ‍ටුන්න හිමි කුමාරයා විසින් කූජිත කර දැමීම සිදුවිය. නාමල් යළි තමන්ගේ ලඳ බොළඳ නොමේරූකම ප්‍රදර්ශනය කළේ දේශපාලනික තකතීරුවෙක් බව ඔප්පු කරමිනි.

ගෝඨාභය අඩි දහයකට වඩා ඇවිද ගන්න බැරි පුහු වීරයෙක් බවද සනාථ විය. ඔහු වටා සිටිනවා යැයි කියන දේශප්‍රේමී ජාතිවාදි බලවේගය දහ පහලොස් දෙනෙක් පමණක් බවද රටම දැන ගත්තේය. බැසිල් පැත්ත පළාතේවත් නෑ. මේ විප්‍රකාර ඔහු අැමෙරිකාවේ ගෙදරට වී බලා සිටින්න ද ඇත. මහ ලොකු දේශපාලන ගේම්කාරයා යැයි ඔහු සිතා සිටියද සෙල්ලම් කරන්න වෙන්නේ මේ අද බාල මුග්ධ තකතීරු වහල්ලුන් ටික දෙනා එක්ක බව ඔහු කල්පනා කරන්නටද ඇත.

රාජපක්ෂ බත් බැලයන් කොළඹ ඇවිත් හතරගාතෙන් වැටෙන තරමට සුරාවෙන් මත් වී පිස්සු කෙළීමෙන් රාජපක්ෂලාගේ දේශපාලන බලවේගයේ තරම ලොවටම පෙන්නුවේය.

නාමලුත් යෝෂිතත් තමන්ගේ නිල් බලකා ගජයන් සමඟ කොළඹ වටලා ආණ්ඩුව පෙරළා අලුත් ආණ්ඩුවක් පිහි‍ටුවන බවට තමන්ගේ වහලුන්ට මොනවා දෙසා බෑවද ඒවා විහිළු බව රටම දැන ගෙන සිටියේය. ඒතබා මේ විහිළු කතා ඒකාබද්ධයේ බොහෝ නායකයන් පවා තුට්‍ටුවකට තැකුවේ නැත. මේ කොළඹ සන්නිය ගැන තමන්ගේ විරෝධය හා අපුල මහින්දගේ මූණටම කියන්න තරම් තත්වය බරපතල වී තිබේ.

මහින්දට ඕනෑ කළේ තම පුත්‍ර රත්නය රටේ අනාගත නායකයා කරන්නටය. අනෙක් සියලු රාජපක්ෂවරු නාමල් හමුවේ පීචං කර දැමිමට ඔහුට ඕනෑ වු බව පැහැදිලි කරණාවකි. ගෝඨාට බැසිල්ට චමල්ට ප්‍රසිද්ධියෙත් කුමාර වෙල්ගමලා යොදවා පහර ගැසීමටද කටයුතු කළේය. එහෙත් අවසානයේ පීචං වූයේ නාමල් සහ මහින්දය. රාජපක්ෂලාගේම ඉඳුල් කා ජීවත් වන්නේ යැයි කල්පනා කරන බෙලහීනයකු හැර වෙනත් කිසිවකු රාජපක්ෂලාගේ රෙද්ද අස්සේ යළි දඟලන්නේ නැත. ඔහුගේම වචනයෙන්ම කියනවා නම් තවත් එහෙම රිංගන්නේ මෝඩ යක්කුය.

කොහොම නමුත් දැන් රාජපක්ෂලාගේ දේශපාලන විනෝද සමය අවසන් වෙමින් පවතින කාලයයි. ඉදිරියේදී තමන්ගෙන් වූ වැරදි ගැන ඔවුන් අ‍ඳෝනා නඟනු ඇත. වැළපෙනු ඇත. හො‍ටු පෙරාගෙන අඬනු ඇත. ජාතියෙන් සමාවද ඉල්ලනු ඇත. නමුත් දේශපාලන තක්කඩිකම් ඔවුන් අත් හරින්නේ නැත. එය ජන්මයෙන්ම එන පුරුද්දකි. ඒවා මකලාවත් හදන්න බැරිය. නාමල් තමන්ගේ කොළඹ සන්නිය ගැන පට්ටපල් බොරු තොගයක් අද මාධ්‍ය හමුවකදී දෙසා බෑවේ ඒ පුරුද්දටය. දහ දාහක් එකතු කර ගන්න බැරි උන නාමල් දෙලක්ෂ ගානක් තමන් පසු පස ආවා යැයි බොරුවක් කිවේ ඒ තක්කඩි කමටය.

දැන්ට මේ ඇති සෙස්ස පස්සට

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us