කලා කේෂත්‍රයට පනවා තිබෙන බදුවල ප්‍රමාණය බැලූවිට එය හොලිවුඩ්වල හදපු එකක් දැයි සැකයක් මතුවන බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
අසාධාරණ බදු ප්‍රතිපත්තියට ජනතා විරෝධය එල්ලවීම නිසා එය සංශෝධනය කරන බවට පොරොන්දු වූ බවත්, එහෙත් මෙම පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය නිසා කලා ක්ෂේත්‍රයේ පිරිස්වලට දැඩි ආසාධාරණයක් සිදු වෙමින් තිබෙන බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.