වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය දිවුරුම්දී තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් දේශපාලන අංශ ප්‍රධානියාව සිටි සින්නතුරේ සසීදරන් හෙවත් එළිලන්ගේ බිරිඳ වන උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් එල්ල කළ චෝදනා පදනමකින් තොර බව ඩී.එම්.කේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධිගේ දියණියක වන කනිමෝසි කරුණානිධි සඳහන් කරයි.

ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි චෝදනා ලැබූ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමෙන් පසු පළමු නඩු විභාගය අද (8) පැවති අතර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩු විභාගය නොවැම්බර් 9 ට කල් තැබුවේය.

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 9 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ අධිකරණයට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් සැකකරුවන් 33 දෙනෙකුට ඇප ලබා දී තිබේ.

දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගොනුකළ ඇප අයදුම්පත සළකාබැලීම මේ මස 15 වැනිදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. අදාළ ඇප අයදුම්පත අද කැඳවූ අවස්ථාවේදි මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මෙම නියෝගය නිකුත් කළේය.

මේ අවස්ථාවේ වෙන කිසිවකට වඩා ප්‍රමුඛතාව දිය යුත්තේ 20වන සංශෝධනයට බැවින්  අග්‍රාමාත්‍යවරයාට  එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයාගේ කැමැත්තක්  නොමැති බව වාර්තා වේ. පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂවල නායකයන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. 

ඩී.වී. උපුල් CIDයේ

Published in පුවත්
Monday, 08 June 2015 11:17

දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු වන ඩී.වී. උපුල් මහතා අපරාධ විමර්ශන ඒකකය වෙත අද(08) කැඳවා තිබේ.

2010 වසරේ සිට ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් බැංකුගත කිරීම මහින්ද රාජපක්ෂ අාණ්ඩුව හිතාමතාම මගහැරිය බවත් මේ දක්වා පැහැර හැරි අර්ථසාධක මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා අැති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.

ld add copy

Connet With Us