ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේවන සමාගමක් වන ලංකා පුවත් ඒජන්සියේ සිදුවෙමින් තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා පිට චෝදනා පසුගිය රාජපක්ෂ සමයේ පටන්ම එල්ල වූවද වත්මන් යහපාලනයෙන්ද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීම වලක්වනු ලබමින් තිබෙන බව වාර්තාවේ.

ආඳා දොල හරස් කළ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා එම සමාගම ගන්න උත්සාහය වෙනුවෙන් එම සමාගමේ දොල පිදෙනි ලබමින් සිටින කැන්ටර් පියසේන හෙවත් පජාත දේශපාලන තකඩියකු වූ පියසේන ගමගේ පසුගියදා ඔහුගේ මැරයන්ගෙන් පහර කෑමට ලක්වූ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට එරෙහිව අභුත චෝදනා නගා ඔහුව මෙල්ල කිරීමේ උත්සාහයක නිරතව සිටී.

ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් ඊයේ (12) සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පසුගිය 12 වනදා ගාල්ල, නෙළුව, දෙල්ලව , ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වී සිටියදී හිටපු අමාත්‍ය වරයෙකු වන පියසේන ගමගේගේ මැරයන් පිරිසක් පහරදී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස පත් කරන ලද පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය එම තනතුර ලබාගෙන ඇත්තේ ජනාධිපතිවරයාව සහ එම පාර්ශ්වය ගොනාට අන්දවා බව මේ වන විට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබේ.

වැට් බදු වැඩිකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය පදනම් කරගෙන ජනතාව හමුවේ ව්‍යාජ රංගනයක් දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු නඩයේ සැලැස්ම මේවන විට අලවී පොඩී වී කක්කගොඩක් බවට පත්ව තිබේ.

පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පියසේන ගමගේ ගේ මැරයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.

යුධ හමුදාවේ කෝටි ගණනක සලාක මුදල් වංචාවක් සම්බන්ධව චෝදනා ලබා සිටින යුධ හමුදා සේවා බලකායේ සිටි මේජර් ජනරාල් අජිත් වික්‍රමසිංහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ තනතුරට පත්කර ඇතැයි වාර්තා වේ.

ld add copy

Connet With Us