ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂ 10ට අඩු තැන්පතු සඳහා15%ක ඉහල පොලියක් ලබාදීම දැන් ආරම්භ කර ඇත. ඉකුත් අතුරු අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් වන මෙය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන වරප‍්‍රසාදයක් බව කොළඹ ඊයේ (10) පැවැත්වු මාධ්‍ය හමුවක දී ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඞී.එම් ගුණසේකර කියා සිටියේය. වයස අවුරුදු 60 ඉක්මවු සියලූ තැනැත්තන් මෙහිද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සලකන බවද ඔහු කියා සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමරණ කොමිසමට ලැබී තිබෙන පැමිණිලි කන්දරාව සම්බන්ධයෙන් මූලික විමර්ශන නිම කිරීම සඳහා තව වසර දෙක තුනක්වත් ගත වනු ඇතැයි කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.

සිවිල් වැසියන්ට සිදුවන හානිය නොතකා බර අවි ප්‍රහාර එල්ල කරන ලෙස කරන ලද ඉල්ලීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ 'සමබරතාවය බිඳ වැටුණු' බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු නොවන්නේ නම්, තම පක්ෂයට සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන්නේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (10) රාත‍්‍රියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ වැඩසටහනටකදී ප්‍රශ්න කළේය.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ‍එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර,ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර අැත.

‘මව්බිම අනතුරේ - මහින්ද කැඳවමු’ නමින් මහනුවර පැවැත්වූ ‍රැළිය මුළුමනින්ම අසාර්ථවීමෙන් පසුව කුඩා ජනහමු පැවැත්වීමට විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවම වශයෙන් මාස තුනක්‌වත් ගතවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අනෙකුත් පක්‌ෂ නියෝජිතයින්ට ඊයේ (10 දා) දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මොහාන් සිල්වා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

උප සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න මහතාය.

 

ld add copy

Connet With Us