මෛත්‍රී, ඥානසාර සමඟ.. ඊළඟට ගෝඨා...

Published in පුවත්
Thursday, 15 March 2018 12:58

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය දැන් පැහැදිලි වෙමින් තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී මෛත්‍රීගේ සටන් පාඨය 'ගෝඨා සමඟ පෙරට..' යනුවෙන් හෝ ගෝඨාගේ සටන් පාඨය 'මෛත්‍රී සමඟ පෙරට...' හෝ විය හැකිය.

සිංහල බෞද්ධ ආගමික ජාතිවාදයේ ප්‍රචණ්ඩ ප්‍රකාශකයා වූ ගලබොඩ අත්තේ ඥානසාර නම් කහකඩධාරී ත්‍රස්තයා දැන් මෛත්‍රී සෙවනේ පහස ලබමින් සිටීම මේ බව තහවුරු කරන අලුත්ම නිදසුනය. ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයට ඥානසාර එක්ව සිටීම ගැන වඩා කුහුල දනවන කරුණ නම් පසුගියදා මහනුවර මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ ප්‍රහාරයන් පි‍ටුපස මෛත්‍රී පාර්ශ්වයේ සම්බන්ධයක් තිබෙන බවට චෝදනාවක් එල්ල වෙමින් පවතින තතු යටතේය. මෙම ප්‍රහාරයන්ට පොලිසියේ සහය ලැබී තිබෙන බවත් ඊට මහනුවර බාර නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහට ඇඟිල්ල දිගු වේ. වික්‍රමසිංහ යනු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බාර සිටින තැනත්තාය. මෙම ජාතිවාදී ගැටුම් ඇතිවීම වැලක්වීම සඳහා ක්‍රියාත්මක වෙනවා වෙනුවට ඒ ආරම්බ කිරීමට අවශ්‍ය තත්වයන් ඇති කිරීම හා ඒ පතුරුවා හැරීමට පොලීසිය උත්සුක වී ඇති බව ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු මේවන විට සනාත කර තිබේ.

සිංහල ජාතිවාදීන් පොෂණය කිරීම හා ඔවුන්ව රැක බලාගෙන අවශ්‍ය අවස්ථාවේදී ප්‍රයෝජනයට ගැනීම මහනුවර සිදුවීම හොඳම උදාහරණ සපයයි. ජාතිවාදය ආගම්වාදය පැතිරවීම ඒ වෙනුවෙන් ප්‍රචණ්ඩකාරීව කටයුතු කිරීම මෙරට නීතිය අනුව තහනම් වූවත් මහනුවර ගැ‍ටුමට මුල් වූවා යැයි කියන මහසෝන් බලකාය පසුගිය කාලයේ මෙය ප්‍රසිද්ධියේ සිදු කරමින් තිබිණි. මහනුවර ප්‍රසිද්ධ කාර්යාලයක්ද පවත්වාගෙන ගියේය. එහෙත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්ම වූයේ නැත. එසේම පොලීසිය හා සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද දැන් හෙළිව තිබේ. මහසොහොන් බලකායේ ප්‍රධානියා වූ අමිත් වීරසිංහ හා නියෝජ්‍ය පොලිස්පතිවරයා හා එම ප්‍රදේශයේ ඉයළ පොලිස් නිලධාරීන් මිතුරන්ව කටයුතු කොට ඇති බවත් දැන් පැහැදිලිය.

මේ අනුව මහනුවර ප්‍රහාර සමාජ ජාලා හෝ වෙනයම් අදිසි හස්තයක් මගින් ක්‍රියාත්මක වූවක් නොව ජනාධිපති මෛත්‍රීපාල පාර්ශ්වයේ මැදිහත් වීමෙන් අවුලවනු ලැබූවක් බව පැහැදිලිය.

ජනාධිපතිවරයා පසුගිය වසර තුන තුලදීම කොහොමත් කටයුතු කළේ සිංහල ජාතිවාදීන්ගේ සිත් දිනා ගැනීම වෙනුවෙනි. මහින්දට වඩා ජාතිවාදියකු වීමට ඔහු උත්සහ කළේය. යුධ අපරාධ කරුවන් ,අපරාධ චෝදනා ලැබූ ඊනියා රණ විරුවන් රැක ගැනීමට ඔහු ගත් උත්සාහයත් පැහැදිලිය. විශේෂයෙන්ම ගෝඨාබය රාජපක්ෂව ආරක්ෂා කර ගැනීමට ගත් උත්සාහයත් පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

මේ අනුව ගොඨාගේ ප්‍රචණ්ඩ සෙනෙවියෙකු වූ ඥානසාර ගේ මෛත්‍රී ප්‍රේමය ගෝඨභයගේ දේශපාලන ආගමනය තහවුරු කරන්නකි.

Last modified on Thursday, 15 March 2018 14:56

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us