පොහොට්‍ටුව ජාත්‍යන්තරය අල්ලයි....හදිසි සාකච්ඡා

Published in පුවත්
Friday, 16 March 2018 15:35

පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්‍ටු කණ්ඩායම පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය මෙරට දේශපාලනයේ තීරණාත්මක බෙදුම් කඩක් නිර්මාණය කිරීම පදනම් කරගෙන මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රීලංකාවේ දේශපාලනයට බලපෑම් කරන රාජ්‍ය ගනනාවක් මෙම පක්ෂයේ ප්‍රධානින් සමඟ රහස් සාකච්ඡා පැවැත්වීම මේ දිනවල සිදුවෙමින් පවතී.

ශ්‍රීලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්ව ආ එරට දේශපාලන නියෝජිතයා රාජපක්ෂවරු සමඟ පසුගියදා සාකච්ඡාවක් සිදු කර තිබූ අතර මීට දින කිහිපයකට පෙර මෙරට ඇමරිකානු සහ ඉන්දිය තානාපති අංශවල දේශපාලන නියෝජිතයන් බැසිල් රාජපක්ෂ සමඟද සාකච්ඡා කිරීම සිදුව තිබේ.

සාමාන්‍ය හමුවීම වලින් ඔබ්බට ගොස් වත්මන් සම්මුතික ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය හා උතුරේ දේශපාලන වර්ධනයක් ගැන මෙහිදී සාකච්ඡා කර ඇති බව දැන ගැනීමට තිබේ.

තවත් වසර දෙකකින් මහා මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් එහිදී පොහොට්‍ටු කණ්ඩායමේ මැදිහත් වීම මෙරට දේශපාලනයේ තවත් තීරණාත්මක හැරවුමක් වනු ඇති බව මතු වෙමින් තිබේ.

එම මැතිවරණ පොහොට්‍ටු පක්ෂය වෙනම තරග කිරීමටත් තවත් කණ්ඩායම් ඒකරාශි කර ගැනීමටත් මේවන විට කටයුතු කරමින් තිබේ. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ දෙමළ හා මුස්ලිම් සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින අතර එය පසුගිය මහින්ද පාලනයේ ජාතිවාදී ස්ථාවරය අභිබවා ගිය ප්‍රගතිශීලී දැක්මක් සහිත බවද පෙනෙන්නට තිබේ.

වත්මන් සම්මුතික ආණ්ඩුව සංහිඳියාව සම්බන්ධ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට අසමත් වීමත්, පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අසමත් වීමත් නිසා මේ වන විට ජාත්‍යන්තර වශයෙන් නොහොඳ නෝක්කාඩුවකට ලක්ව සිටී. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සහයෝගය නොලැබීම මත ඒ දිනෙන් දින කල් යවමින් තිබේ. මේ නිසා ජාත්‍යන්තරය බලපෑම් කණ්ඩායම් වල මීලඟ තේරීම වෙනකක් විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us