මෙරට පැතිර යමින් තිබෙන වකුගඩු රෝගය හා මෙම වල් නාශකය අත්ර සම්බන්ධයක් තිබෙන බවට දැඩි මතයක් ඇති නමුත් මේ බව මෙතෙක් ඔප්පු කර නොමැති වීම මෙම තහනම ඉවත් කිරීම සඳහා පදනම් වී තිබේ. වල් නාශක තහනම් කිරීම නිසා පසුගිය කාලයේ රුපියල් බිලියන 20 ක පමණ කෘෂි අස්වනු පාඩුවක් සිදුව ඇති බවත් පැවසේ.
ග්ලයිෆොසේට් තේ වගාවට අත්‍යවශ්‍ය දෙයක් නොවේ
- මහාචාර්ය සිසිර සිරිබද්ධන පීඨාධිපති රජරට විශ්වවිද්‍යාලය
තේ වගාවට ග්ලයිපොසේට් අත්‍යවශ්‍ය යැයි කීම පිළිගන්නට අමාරුයි. මොකද දිගු කාලයක් භාවිතා කිරීම නිසා තේවතු ආශ්‍රිතව වැවෙන වල් පැලෑටි ග්ලයිපොසේට්වලට ප්‍රතිරෝධ දක්වනවා. ඒ නිසා ඔය කියන තරම් වල් වර්ධනයක් වෙන්නේ නෑ.
ග්ලයිපොසේට් භාවිතා කළත් වතුර ආශ්‍රිතව වකුගඩු රෝගය වසංගත මට්ටමින් පැතිර නැත්තේ ඒ ප්‍රදේශවල ජලය කිවුල් සහිත නොවීම නිසාය. ග්ලයිපොසේට්වල අඩංගු රසායනික ද්‍රව්‍ය කිවුල් ජලයේ තැන්පත් වෙනවා. එනිසා බැරලෝහ වැනි හානිකර ද්‍රව්‍ය ජල පානය කිරීමේදී ශරීර ගතවිය හැකිය. ඒ වගේම කඳුකර පළාත්වල නිසා පොළවට යොදන රසායන සේදී යනවා වෙන්නත් පුළුවන්. ග්ලයිපොසේට් වකුගඩු රෝගවලට හේතුව බව තහවුරුව අවසන්. අනිත් කාරණය ග්ලයිපොසේට් භාවිතය නිසා වකුගඩු රෝගවලට අමතරව පිළිකා වැනි රෝගත් වේගයෙන් පැතිරෙන්නට පුළුවන්. මොකද කඳුකර පළාත්වල වැවෙන එළවළු වැනි දේ මගින් අපේ ශරීරයට එය ඇතුල්වන්නට පුළුවන්. මේ වන විටත් ලෝකයේ රටවල් ගණනාවක ග්ලයිපොසේට් තහනම් කර තිබෙනවා. ඒ එහි ඇති හානිකර බව තහවුරුව ඇති නිසා.