ඥානසාරට මඩ ගහන්නේ මහින්දගේ පොල්ලෙලි කට්ටියලු ...බොදු බලේ කියයි

Published in පුවත්
Friday, 16 March 2018 21:03

බොදුබල සේනාවේ ඥනසාර නම් කහකඩධාරියා ජනාධිපතිගේ ජපන් සංචාරය හමුවේදී ජනාධිපතිවරයා මුණ ගැහීම ගැන මඩ ගසමින් යන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එහෙත් අපගේ නිරීක්ෂණ අනුව නම් මේ සම්බන්ධයෙන් වැඩිම විරෝධය එල්ල කර තිබෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පු‍ටුවට පත් කළ පිරිසය. රට ගිනි තැබූ සිංහල බෞද්ධ ආගමික ජාතිවාදී ප්‍රචණ්ඩකාමියකු වන ඥානසාර සමඟ සංහිදියාව ගැන කතා කරමින් දෙමල මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් බලයට පැමිණි ජනාධිපතිවරයාට ඇති මේ අලුත් ඇයි හොඳයිය ගැන සැක පහල කළේ 62 ලක්ෂයක ජන පවුරය.

ජනාධිපති මාධ්‍ය අංශයද වුවමනාවට වඩා කලබල වී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ හමුව අහම්බයක් බව කියා තිබිණි.

කොහොම නමුත් ඥනසාර හා ජනපති හමුව සැලසුම් කර සිදුවූවක් වූවත් එහි ඇති ගැටලුවක් නොමැත. මන්ද ජනාධිපතිවරයාට රටේ ඕනැම පුරවැසියෙකු, පූජකයකු මුණ ගැසීමේ බාධාවක් නොමැති නිසාය. නමුත් ගැටළුව තිබෙන්නේ ජනාධිපතිවරයා දැන් මේ ඥාහසාරලාගේ ගොත්‍රික චින්තනය සමපාතව වැඩ කරන බව පසුගිය කාලයේ පෙන්නුම කරමින් තිබීම නිසාය. අනෙක් කාරණය ඥානසාරලාව ගොඩ නැගූ ගෝඨාබය රාජපක්ෂට එරෙහිව තිබෙන අපරාධ චෝදනාවලින් ඔහුව බේරාගැනිමට ජනාධිපතිවරයා උත්සහ කරමින් තිබීමය. මේ නිසා 62 ලක්ෂයක්ගේ බැනුම් ඇසීමට ජනාධිපතිවරයාට සිදු වීම සාමාන්‍ය තත්වයකි. දැන් කොහොමත් මේ 62 ජනතාව ඉදිරියේ ජනාධිපතිවරයා කිචපීචං වී හමාරය.

ඒකාබද්දේ පාක්ෂිකයන් ඥනසාරට බණිනවා ඇත්තේ කන්න දීපු අත සපා කෑවට විය යුතුය. එහෙත් මස් කට්ටට ගිජු බල්ලා කවුරු මස් කට්ටක් විසි කළත් ඒ පැත්තට දිවගෙන එම සාමාන්‍ය තත්වයකි. ඥානසාර කියා ලොකු වෙනසක් වෙන්නෙ නැත. ඒ නිසා ඒකාබද්දේ අය මේ කහකඩධාරියාට මඩ ගහනවා නම්, බණිනවා නම් එය ඇත්තටම අසාධාරණය.


බොදු බලේ නිවේදනය පහත දැක්වේ

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආගමික කටයුත්තක් සඳහා ජපානයට වැඩම කර සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ජපාන සංචාරයක නියැලෙමින් සිටියි.

ජනාධිපතිවරයා, එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සහ භික්ෂුන් වහන්සේලා හමුවූ අවස්ථාවකට ඥානසාර හිමි ජපානයේ වැඩ වාසය කරන විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමක් මත, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිද සහභාගී වී ඇති අතර එම අවස්ථාවේ ලබාගත් චායාරූප බාවිතා කරමින් ජනාධිපතිවරයා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද එක්ව සිටි බව හුවාදක්වමින් මඩ ව්‍යාපාරයක් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ද පිරිසක් විසින් අන්තර්ජාල මාධ්‍ය තුල දියත් කරමින් ඇත.

මෙවැනි මඩ ප්‍රචාර බොදු බල සේනා සංවිධානය විසින් දැඩිව හෙලා දකින අතර එවැනි නොමග යවන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us