එජාප නායකත්ව වෙනස මාර්තු 31 ට පෙර... 2020 ට ඉලක්කයක් - සාගල Featured

Published in පුවත්
Friday, 16 March 2018 22:41

එක්සත් ජාතික පක්ෂයේ නිලතල වෙනස් කිරීම ලබන 31 වන දිනට පෙර සිදුවනු ඇති බව තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක අද දින මාධ්‍යෙව්දීන් හමුවේ පැවැසීය. මේ වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කමි‍ටුවක් පත් කර ඒ සම්බන්ධයෙන් යෝජනා සාකච්ඡාවට ගැනෙමින් පවතින බවත් එම කමි‍ටුව නිවාස ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කටයුතු කරමින් තිබෙන බවත් පවසයි.

එහිදී වත්මන් සම්මුතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්ද සාක්ච්ඡා කෙරෙනු ඇති බවත් ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනගේ ප්‍රධාන්තවයෙන් යුතු කමි‍ටුවකින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවත් පවසයි.

මේ අතර එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් කමි‍ටුවක් මඟින් පසුපෙල මන්ත්‍රීවරු මුහුණ දෙන ගැටලු හා ජනතාව වත්මන් රජයත් එජාපයත් සම්බන්ධයෙන් දරන අදහස් ගැන සාකච්චාවක් සිදු කරනු ලබන බවත් මෙම කමි‍ටු තුනෙහි වාර්තා අනුව පක්ෂයේ සහ සම්මුතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා වැඩ සටහන් ප්‍රතිසංස්කරණය කරමින් මෙරට ජනතාවට වඩා වැඩි ප්‍රතිලාබ අත්පත් කර දෙමින් පක්ෂයත් ශක්තිමත් කර ගැනීම සිදුවෙනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.  2020මහ මැතිවරණය හා ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම නව ප්‍රතිසංස්කරණයක් සිදු වන බවත් ඔහු පෙන්වා දෙයි

කෙසේ නමුත් මේවන විට අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අත්සන් එකතුකරමින් පවතින බවත් ඒ වෙනුවෙන් මෛත්‍රී හිතවාදීන් වන චතුර සේනාරත්න, වසන්ත සේනානායක වැනි මන්ත්‍රීවරු එජාපයේ අත්සන් ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් තිබෙන බවත් වාර්තාවේ.

එජාපයේ ආරංචි මාර්ග පවසන්නේ අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් සහයක් නොලැබෙනු ඇති බවය. ඉදිරි ජයග්‍රහණ අපේක්ෂාවෙන් එජාපයේ නායකත්ව තලයේ සිදු කෙරෙන වෙනස් කම් වඩා සුබදායක අනාගතයක් පක්ෂයට ලබා දෙනු ඇති බවත් එජාපයේ ජෙෂට මන්ත්‍රීවරු විශ්වාසය පළ කරමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us