විශ්වාසභංගයෙන් රනිල්ව පැරදවිය නොහැකියි..හිටපු ශ්‍රිලනීප ඇමැති වීරකෝන්

Published in පුවත්
Wednesday, 28 March 2018 12:29

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනීපයේ කොටස් විසින් ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් එජාපය පරාජය කළ නොහැකි බව රාජපක්ෂ සමයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි ගාල්ලෙ කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

වසර 20 කට පමණ ආසන්න කාලයකින් පසුව එජාපය පිහි‍ටුවා ගත් ආණ්ඩුව බිඳවැට්ටවීමට කිසිදු එජාප මන්ත්‍රීවරයකු කල්පනා නොකරන බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනා අගමැතිවරයා රැකගනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකරයි. එජාපයේ පොදු සතුරා ශ්‍රීලනීපය ප්‍රමුඛව ඒකාබද්ධ විපක්ෂය වන නිසා ඔවුන් අවසන් මොහොතේදී ඊට එරෙහිව ඒක රාශිවන බවත් ඔහු පෙන්වා දෙයි

එසේම මෙරට දෙමළ ජනතාවට යම් විසඳුමක් ලැබිය හැක්කේ වත්මන් රජයෙන් පමණක් වන බවට දෙමළ ජතාව විශ්වාස කරන බැවින් දෙමල ජාතික සන්ධානයේ සහයද අගමැතිවරයාට හිමි විය හැකි නිසා. එජාපය පැරද වීමේ හැකියාව අවම බව ඔහු පෙන්වා දෙයි.

එසේම ජනාධිපතිවරයා මේ මොහොතේ බුද්ධිමත් තීරණයක් ගනු ඇති බවට ඔහු අවධාරණය කළේ වත්මන් ආණ්ඩුව බිඳ නොවැට්ටවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි අපෙක්ෂාවෙනි.

Last modified on Wednesday, 28 March 2018 12:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us