උදයංගව අත්අඩංගුවට ගත්තු කතාව පැරඩියක්.? මෛත්‍රී +මහින්ද ගණුදෙනු වසන් කිරීමේ උත්සහයක් ද සැකයි..

Published in පුවත්
Tuesday, 27 March 2018 21:40

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරට පොලිසියේ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවට ඊයේ (26) දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය හ පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන කතාවෙහි සත්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.

රාජ්‍ය මාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ මෙසේය..

" රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි බලධාරීන් විසින් ඊයේ (26) උදෑසන දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර විද්‍යාලංකාර මහතා පවසයි.

FCID ය මගින් සිදුකරන ලද විමර්ශන හා ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් උදයංග වීරතුංග මහතාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා සිදුවෙන බවද පැවසේ."

එය කෙසේ නමුත් පොලිස් දෙපර්තමේන්තුව, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. හෝ වෙනත් රජයේ වගකිව යුතු ආයතනයක් අද (27) මේ මොහොත ( රාත්‍රී 9.30) වන තුරුත් මේ පුවත සනාත කිරීමට සමත්ව නැත. මේ සම්බන්ධයෙන් අප කළ වීමසීම් වලදි මෙය පැහැදිලි විය.

උදයංගගේ ගුවන් ගමන් බලපත්‍රයක වූ දෝශයක් නිසා එක්සත් අරාබි රාජ්‍යය විසින් පසුගිය පෙබරවාරි 4 වැනිදා උදයංග වීරතුංගව පොලීස් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මුදා හරිනු ලැබුවෙ රටින් පිටවීමට අවසර නොදෙමිනි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහුගෙන් එරට ප්‍රශ්න කිරීමක් සඳහා අත් අඩංගුවට ගත් බවට වාර්තා වුයේ ඔහුට දමා දිබූ කොන්දේසි කිහිපයක් කඩ කිරීම සම්බන්ධයෙන් බවටද තොර‍තුරු වාර්තා විය . එය කිසිසේත්ම මෙරට නිකුත් කළ නිල් හෝ රතු වරෙන්තුවක් අනුව ජාත්‍යන්තර පොලිසියේ හෝ මෙරට පොලිස් නිලධාරීන් එරටට ගොස් සිදු කළ අත් අඩංගුවට ගැනීමක් නොවන බවත් දැන ගැනිමට තිබේ.

එහෙත් මෙම ව්‍යාජ පුවත ඊයේ දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය මුල් කරගෙන ප්‍රචාරය වූයේ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ තැනකින් මාධ්‍යට ලබාදීම නිසා බවද තොරතුරු දැන ගැනීමට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ අතර මේ වන විට විශ්වාසභංග යෝජනාව හරහා ඇති වී තිබෙන අලුත් මිත්‍ර සමාගම සමාජයෙන් වසන් කිරීම වෙනුවෙන් මෙම පුවත නිර්මාණය කළාද යන සැකයක් ඇති බව මේ සම්බන්ධයෙන් තතු දත් අය පෙන්වා දෙති.

ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස රාජපක්ෂවරුන්ට එරෙහිව තිබෙන චෝදනාවලින් ඔවුන්ව නිදහස් කරවීමට තීන්දු කර තිබෙන බව රහසක් නොවන අතර ඒ අනුව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන උදයංග වීරතුංගට අගතියක් වීමට ඉඩ දෙතැයි කල්පනා කළ ද නොහැක. අනික් කාරණය නම් උදයංග සම්බන්ධ මිග් යානා ගනු දෙනුවේ ප්‍රධාන චූදිතයා ගෝඨාබය රාජපක්ෂ වීමය. ගොඨාගේ ඇඟේ මයිලකටවත් හානියක් කිරීමට ජනාධිපතිවරයා ඉඩ නොතබන බවත් පැහැදිලි කරුණකි.

මේ අනුව උදයංග අත් අඩංගුවට ගැනීමේ පැරඩිය ජනාධිපති පාර්ශ්වය විසින් නිර්මාණය කළ බොරුවක් බවට සැක කළ හැකිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us