විශ්වාසභංගය දිනුවොත් ජනාධිපතියි.. 224 කුයි..ගෙදර ! රාජ්‍ය නායකයා කතානායක..!! ව්‍යවස්ථා නීතිය එහෙමයි.

Published in පුවත්
Wednesday, 28 March 2018 16:51

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරාගේ ධුරය මෙන්ම කතානායක වරයා හැර සෙසු පාර්ලිමෙන්තු මන්ත්‍රී 224 දෙනාගේම මන්ත්‍රී තනතුරු අහෝසි වන බව නීති විශාදරයන් පෙන්වා දෙයි.

මෙම විශ්වසභංග යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කිරීමක් ලෙස ගෙන ආවද ඒ සඳහා ව්‍යස්ථාවෙන් ප්‍රතිපාදන සපයා නැත. මේ හේතුව නිසා යෝජනාව තුල එක වගන්තියක මෙය රජයට එරෙහි යොජනාවක් ලෙස අඩංගු කර තිබෙන අතර එම හේතුව මත යෝජනාව සම්මත වුවහොත් ආණ්ඩුව පමණක් නොව ජනාධිපතිවරයාද ධුරය අත් හැරිය යුතුවේ.

ඒ අනුව ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව කතානායක වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමෙන් පසුව ඒ හරහා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සියලු බලතලද හිමි වීමේ පැහැදිලි ඉඩක් පවතී. ඉන් පසුව කතානායකවරයාට යළිත් ජනධිපතිවරණයක් හා මහ මැතිවරණයක් කැඳවා රාජ්‍යයේ පාලනයට ඒ මැතිවරණ අනුව පත්වන පිරිසට බාර දීම සිදු කළ හැකිය.

මෙම තත්වයන් මත මේවන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සාතිශය බහුතරය විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සහතික ලෙසම කටයුතු කරනු ඇත.

Last modified on Wednesday, 28 March 2018 17:38

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us