වත්මන් අාණ්ඩුව මාස 4ට එතනේල් බලපත්‍ර 26 දී අැති බව විමල් වීරවංශ මහතා විසින් පසු ගිය දිනක පවසා අැති බවත් එම අායතන රජයට බදු වශයෙන් මිලියන 3,900 ක් ගෙවන අායතන බැවින් ඔවුන්ට බලපත්‍ර දීම සිදු කළ යුතු දෙයක් මිස අනිසි කටයුත්තක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විත්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවන් 09 දෙනා වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට භාර දෙන ලෙසට යාපනය උර්කාවතුරෙයි මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා ඊයේ (15) නියෝග කෙළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජෝතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස අබයගුණවර්ධනගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (15) පැය අටක්‌ ප්‍රශ්න කර ඇත.

ලියාපදිංචි නොවු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වැටලීමට ජාතික ඖෂධ අධිකාරිය දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් පසුවන බව අැමරිකාව පවසයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(16) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම මහමැතිවරණයක් කැඳවීමට උත්සාහ කරන බවට රාජපක්ෂවාදීන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරයි.

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අද(16) උදෑසන අභාවප්‍රාප්ත වි තිබේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us