රාජපක්ෂ පවුල් පාලන තන්ත්‍රයේ මීලඟ පුරුක ලෙස ඉදිරියට පැමිණ සිටින නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තු ජාතික සභාව විසින් නව වගකීමක් පවරා ඇත. මෙය එසේ මෙසේ වගකීමක් නොවේ. ශ්‍රි ලංකාව රටක් විදිහට බංකොලොත් වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුන්නේ රටට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති මත පාලනතන්ත්‍රයන් පවත්ගෙන නොයෑමය.

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සිදුවෙනු ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

වෙළඳාමේ වර්ධනය සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා යල් පැන ගිය ඇතැම් රෙගුලාසි ලිහිල් කරන ලෙස ඉන්දියානු විධායක නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා සිටියහ.

මෙම සතියේ විවාදයට ගැනීමට සැලසුම් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බවට වාර්තා වෙයි.

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන බ්‍රහස්පතින්දා දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද හෙට (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරණ රජයේ මුදල් පිළිබද කාරක සභාව තීරණය කර ඇත.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us