පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරලීම සඳහා ඔහුට සහයදෙන්නයි බලකරමින් 'මෛත්‍රීට ඉඩදෙන්න' නමින් නව සංවිධානයක් ස්ථාපිත කිරීමට යයි.

ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීමට නිශ්චිත තීරණයක් ගෙන නැතත් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ නම් කුමන පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කළත් තමා කරග කරන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

බලපත්‍ර නීති උල්ලංඝණය කිරීම නිසා වයඹ ඩිස්‌ටිලරීස්‌ සමාගම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික දඩ මුදල එම සමාගම විසින් 12 වැනිදා ගෙවා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කරමින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක්‌කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කොට ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජය තහවුරු කිරීම අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා ඊයේ (16දා) පැවසීය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු පිළිබඳ මහජනතාව නොමඟ යවන ආකාරයෙන් සිතා මතා සිදුකරනු ලබන ප්‍රකාශ හා ඒ අනුව පළ වන විවිධ මාධ්‍ය වාර්තා පිළිබඳ මෙම කාර්යාලයේ අවධානය යොමුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි බලවත් බාධකයක්ව පැවැති 20 වන සංශෝධය නොසලකා හැර පාර්ලිමේන්තුව ඉදිරි දින කිහිපයේදී විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි. 20 වන සංශෝධයය සම්මත කිරීම සඳහා ශ්‍රීලනීපයේ රාජපක්ෂවාදී කොටස් දිගින් දිගටම බාධා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රමාද කරමින් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින පැවැති ශ්‍රී ලනීප සංවිධායකවරුන්ගේ ‍රැස්වීමෙදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම ලබා දී ඇති බවට සමාජ ජාලාවල පැතිර යන කතාවේ කිසිදු සත්‍යයක් නැති බව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකුගෙන් කළ විමසීමකදී අප වෙත තහවුරු කළේය.

දුප්පතා ගැන කැක්කුමක් නැති එජාපය හැමදාමත් සිදු කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us