කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් එළැඹෙන 24 වැනිදා සහ 25 වැනිදා යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ තීන්දුව ගැනීම සඳහා විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමක් අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතය.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිතයි.

එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ මෙන්ම නීතිරීති වල විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට ඒ සම්බන්ධයෙන් පත්කළ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේනවා.

ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ගෝලීය කොවිඩ් වසංගතය මුවාවෙන් රටේ අනාගතයට ,ආර්ථික වර්ධනයට හේතුවන කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ld add copy

Connet With Us