අධික සාන්ද්‍රණයෙන් යුතු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතල් 1500ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සොයාගෙන තිබේ. මේවාමාලබේ ප්‍රදේශයේ ඖෂධ සමාගමකින් නිෂ්පාදනය කර වෙළඳපළට බෙදාහැර අැත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ඇප පෙත්සම ජූලි මස 03වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සජීන් වාස් විසින් මෙම අැප පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාර මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. බී සෙනෙවිරත්න යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර තිබේ.

අද (19)රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර අැති බව දේශපාලන අාරංචිමාර්ග පවසයි.

එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ කරන බවටත්, නාම යෝජනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ බලය පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඉකුත් රජයට මහාපරිමාණ දූෂණ හා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති බවත්, චීනයෙන් ලැබුණු ආධාරද ඊට ඉවහල්වුණු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දින සියය වැඩපිළිවෙළට පත්කරගත් අග්‍රාමාත්‍යවරයාගේ කාලය අවසන් බැවින් පාර්ලිමේන්තු ඉදිරි නිල කාලය සඳහා අග්‍රාමාත්‍යවරයා ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතා පත් කරන්නැයි වමේ පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවද ඉන් පසුව ආසන නිර්ණය කිරීම හා අනෙකුත් කටයුතු සඳහා කොතරම් කාලයක්‌ ගතවේදැයි තමාට කිව නොහැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පවසයි.එසේම ඒ සියලු කාරණා තමාට පරිබාහිර කරුණු බවත් ඔහු සදහන් කරයි.‌

worky

worky1

ld add copy

Connet With Us