මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා (10) දිනයේ ලබා දීමට නියමිතව තිබේන අතර අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබේනවා.

වරායෙන් නිදහස් කරගනු නොලබන හා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ජනතාවට ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේනව.

සමර්සෙටි තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඉදිකළ කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවූ සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේනවා.

සියලුම වාණිජ බැංකු සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේනවා.

පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා පාර්ලිමේන්තුව අද (08 වැනිදා) දිනයේ පැය 4ක කාලයක් රැස්වීමට තීරණය කර තිබෙනවා. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල දින දෙකක විවාදයක් ඉල්ලා ඇතත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා අද (08 වැනිදා) දිනයේ පැය හතරක කාලයක් ලබා දීමට එකඟ වී ඇත්තේ.

කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේනවා.

සංචරණ සීමා කාලය තුල අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වෙනුවෙන් යෙදවෙන වාහන පහසුවෙන් හඳුනා ගැනීමටත්, රථ වාහන තදබදය, ප්‍රමාදයන් වලක්වා ගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය නව ක්‍රමවේදක් හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමවේදය අද (07) සිට ක්‍රියාත්මක වේ.

ld add copy

Connet With Us