ඓතිහාසික ඇහැළේපොළ වළව්ව දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කෙරේ.

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගෙන ඡන්දයකින් සම්මත කර ගැනීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මෙරට ජනගහනයෙන් සියයට 14.6ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න පැවසුවේ.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරය තුළ දෛනිකව ළමා මරණ 160 ක පමණ ප්‍රමාණයක් සිදුවන බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.

නුවරඑළිය තැපැල් කන්තෝරුව පැවැති ස්ථානයේ වෙනත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ගත් තීරණයට තමන් එකඟ වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

ජනපති සහ ක්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මූලික වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තාකර ඇත.

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් යාපනයේදී පවසා සිටියේය.

ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් විසින් ලංකාවේ ව්‍යපාරිකයකු ද වන මහජන ආරක්ෂක ඇමැති ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර තිබෙන බව පසුගියදා හෙළිකර තිබිණි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us