මේ වන විට නිකුත්කර ඇති පොලිස් නිවේදනය අනුව ගෝල්ෆේස් හී සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සහ වගාවන් ඉවත්කර ගැනීමට අරගලයේ නිරත පාර්ශ්ව එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළැඹීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට යුරෝපා සංගමය සිය සහාය අඛණ්ඩව ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

පරිප්පු, සීනි, අල, ළූනු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය.

විදේශීය රාජතාන්ත්‍රිකයන් රැසක් මෙරට තානාපති සේවයට වාර්තා කර මාස කිහිපයක් ගතවී ඇති නමුත් , ඔවුන්ගේ අනිවාර්ය සම්ප්‍රදායක් වන අක්ත පත්‍ර භාරදීමක් මෙතෙක් සිදුව නොමැති බව වාර්තා වෙයි .

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරෙන් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වෙනිදා ජනාධිපති ලෙස තේරි පත් වුණා.  අද දිනයේ ජනාධිපති ලෙස මුල් වතාවට ඔබ අමතනවා.

මේ සභාව ශ්‍රි ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා.  සිංහල හෝ වේවා, දමිල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, බර්ගර් හෝ වේවා වෙනත් ජන කොටසක් හෝ වේවා ඔබ මෙතනට රැස් වෙන්නේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ලෙසයි.

රටේ ආර්ථිකය අගාධයකට වැටීමට පෙර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, ඒවායේ වත්කම් ඉවත් කිරීම වැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනයට සිදුවනු ඇතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ld add copy

Latest News

Connet With Us