හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රෝහල් ගතකර තිබේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකම වේදිකාවක පැමිණියහොත් දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට ගත් තීරණය තාවකාලිකව කල් දමන බව ඌව ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

කිලී මහරාජාගේ රුකඩයක් වන ප්‍රජාතනත්‍රවාදි පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය ට එම පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදීමට ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා තීරණය කර තිබේ.

සජීව චාමිකර-පරිසර සංරක්ෂණ භාරය

අම්පාර දිස්ති‍්‍රක්කයේ ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත‍්‍රවෙල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, කෘෂිකාර්මික ඉඩම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක පමණ භූමි ප‍්‍රමාණයක් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර 2009 වසරේ සිට අනවසරයෙන් අත්පත් කර ගෙන සිටී.

මිනී මැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.

වමේ කෙන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පත් කිරීම වෙනුවෙන් විශාල සේවයක් කළ වික්‍රමරතන මහතා ජනාධිපති උපදෙශකයකු ලෙසද පත් කර ගන්න ලදී.

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සඳහා අත්සන් කළ අපේක්ෂකයන් අතර 'යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ'ට උදව් උපකාර කරන කණ්ඩායමක් සිටීම නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු මහින්දවාදී කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක පසුවන බව දැනගැනීමට තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී අරලියගහ මන්දිරයේ ඉදිකිරීම ආරම්බ කර තිබුණ දකුණි ආසියාවේ ලොකුම සම්මන්ත්‍රණ ශාලාව(ව.මී. 3000)ගලවාගෙන ගොස් බෙන්තොට සවිකරගන්න ලෙසත් එමගින් එම සංචාරක ව්‍යාපරය කරන ජනතාවට සේවාවක් ලබා ගත හැකි බවත් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක මහතාට පැවැසීය.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us