පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන අය විසින් සංවර්ධන යෝජනා ක්‍රම තුළින් අයථා මුදල් ඉපයීමත් සිදුකර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිල්ලක ගොනු කර තිබේ.

රාජපක්ෂ පවුල අලුත් අවුරුද්ද සමරා ඇත්තේද ආණ්ඩුවේ මුදල් වලින් බවත් දුප්පතුන් කිරිබතක් පිස ගැනීමට වත්කමක් නැතිව දුක් විදිද්දී රාජපක්ෂලා ආණ්ඩුවේ මුදලින් අවුරුදු කෑම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (02) පැවති හෙළිරදරව්ව 08 මාධ්‍ය හමුවට එක්වෙමිනි.

බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිය අද(02) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා ඇත.

රටට අවශ්‍යය පවුලක දරුවන් හොඳට ඉගෙනීමට නොව මුළු රටේම දරුවන්ට ඉගෙන ගැනීමට වාතාවරණයක් සැකසීම බවත් රටේ අනාගතය දූ දරුවන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුමට අද (02) ප්‍රකාශයක එක්කරමින් ඔහු මෙම අදස් දැක්වීය.

පසුගිය ජනවාරි 08 වනදා මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයේ ඉතිරි කොටස අගෝස්තු 17 වනදා සම්පූර්ණකර ගන්නා බවත් එය අඩපණ කිරීමට යළි ප්‍රචණ්ඩත්වය දියත්කර අලියා කුලප්පු කර නොගන්න යනුවෙන් එජාප මහ ලේකම් හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වන කාලීන අවශ්‍යතාවය වන්නේ ආර්ථිකය ගොඩ නැංවීම බවත් මහින්ද රාජපක්ෂට එයට පිළිතුරු නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එළඹෙන මහ මැතිවරණයේදී රජයේ වාහන හා දේපළ භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලීමක් කළ බව පැෆරල් සංවිධානය පවසයි.

ඉදිරි මහමැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අපේක්ෂකයන් 250 ක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

worky

worky1

ld add copy

Connet With Us