අද (05) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් 'සත්හඬ' පුවත්පතට සමගාමිව 'සත්හඬ' වෙබ් අඩවියද එළිදක්වා ඇත.

'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත ඊයේ වෙළඳ පොලට නිකුත්කර තිබිණ.

ඉදිරි මහ මැතිවරණයේ දී බහුතර ආසන සංඛ්‍යාවක් ලබා සන්ධාන ආණ්ඩුවක් බිහිකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

 ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පවසන ලෙස ජාතික ආණ්ඩුවක්  බිහි නොවන අතර මීළඟ අග මැතිවරයා ශ්‍රී ලනීපයෙන් බිහිවීමට ඉඩ ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තම ඉනෙහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් හා හොඬල අලයක් එලාගෙන සිටින බව වාර්තාවේ. ඔහුට මේ දිනවල ලබා ඇති ග්‍රහචාරය අනුව අපහාසයට උපසාසයට නින්දාවට ලක් වී ජනතාව අතර  අපකීර්තිමත් චරිතයක් බවට පත්වන බව  රාජපක්ෂ මහතාගේ නව ජොතිෂය වේදියාවන වැල්ලවාය ප්‍රදේශයෙ හිමි නමක් විසින් පවසා තිබුණු අතර එම තත්වයන් මඟ හරවා ගැනීම සඳහා කළ ගුරුකමක් ලෙස මෙලෙස දෙහි ගෙඩි හා හොඬල අලය දින තුනක් ඉනෙහි එල්ලාගෙන සිටීමට සිදුව තිබේ. 

මැතිවරණ නීතිරීති බලාත්මක වීම ලබන 6 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අගෝසතු 17 පැවැත්වෙන මහ මැතිවරණයට නාම යෝජනා බාරගැනීම හෙට (6) සිට 13 වැනිදා දක්වා සිදු කෙරේ.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සහ එල්ටීටීඊයට එරෙහිව සිදු කළ යුද්ධයේ අවසන් වකවානුවේ සිදු වූ යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ලෙස පවසමින් ව්‍යාජ වාර්තාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාමීව ප‍්‍රසිද්ධ කිරීමට එම කණ්ඩායම මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා චීන රජය දැඩි බලපෑමක් කරමින් සිටින බව දැනගැනීමට තිබේ. මේ වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියා වන දේශපාලන අංශ ප‍්‍රධානී රෙන් ෆාකියන් මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටී.

රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ගිණුමෙන් රුපියල් එකොළොස් කෝටි තිස්ලක්ෂ හයදහස් තුන්සිය දෙක (113,006,302 )ක මුදලක් වංචාකර තිබේ. මෙම මුදල් වංචනික ලෙස ලබාගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසිනි.

worky

worky1

ld add copy

Connet With Us