පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

කාරක සභා පැවැත්වෙන අවස්ථාවේ දී වෙනත් කිසිදු භාහිර පුද්ගලයෙකුට එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදු වනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සදහන් කර ඇත.

වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us