ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කර අවසන් වූ විට ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රතිඤ්ඤා පත්තු කළ අවස්ථාවක් මෑත ඉතිහාසයේ දක්නට නොලැබුණ ද, මෙවර අය වැයේ දී එය දැක ගැනීමට හැකි වීම සුවිශේෂී අවස්ථාවක් බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසුවාය.

ආර්ථික ඝාතකයන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති හෙයින් තේරීම් කාරක සභාවෙන් ඵලක් නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

කිලෝ 6කට අධික බරකින් යුත් රුපියල් කෝටි 11ක් වටිනා රත්රන් ජෙල් කරල් 16ක් මෙරටට ගෙනා පුද්ගලයෙක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ICC එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පැවසීය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සෞඛ්‍යයයේ සහනාධාර ජනතාවට ලබාදීම සඳහා රුපියල් ට්‍රිලියනයක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ   පැවසීය.

යාපනයේ නැගෙනහිර අල්වායි ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි  වයෝවෘද කාන්තාවක් ඝාතනයට ලක්වී තිබුණේ පසුගියදා. තනිව සිය ජීවිකාව ගෙන ගිය මෙම කාන්තාව 75,000ක පමණ වැටුපක් ගෙවමින් මෙහෙකාරියක් නිවසේ රඳවාගෙන තිබෙන්නේ තමන්ගේ සුවපහසුව සඳහාය.

මෙවර නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී ඇත.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us