ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන සිකා වෛරසය මෙරටට ඇතුළු වීම වළක්වා ගැනීමට බලධාරීන් දැඩි අවදානයක් යොමු කල යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වෘත්තීය සමිති නායකයන් වන ජෝෂප් ස්ටාර්ලින් සහ පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිස අද (12 වැනිදා) වන විට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර නිරෝධායන මධ්‍යස්ථානවලින් නිදහස් කිරීමට කටයුතු නොකළහොත්,හෙට (13 වැනිදා) සිට රටපුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙළෙඳපොළට හඳුන්වා දුන් ලීටර දහඅටේ ගෑස් සිලින්ඩර රුපියල් 1150කට අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ ගැසට් නි​වේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගැනීමට සුදානම් වේ.

රසායනික පොහොර ආනයනය සදහා නව මුදල් ඇමති අවසර දුන් බවට සමාජජාලා වල පැතිර යන පුවත සම්පූර්ණයෙන අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් " රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය යි. කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති'' බව සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිසි ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම් කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ld add copy

Latest News

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත...

Connet With Us