මෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හමුදා නිලධාරීන්ට මෙන් පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

බස්නාහිර පළාත තුළ කුලී ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ළඟදීම ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ප්‍රකාශ කර තිබෙනවා.

මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි.

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබේනවා.

බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

කොරෝනා වයිරසය ආශ්‍රිත දරුණු අවදානම තවමත් පහවී නොමැති බැවින් සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවලට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Latest News

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත...

Connet With Us