ඇ .ඩො .මිලියන 60ක ගිවිසුමට අත්සන් තැබේ

Published in පුවත්
Wednesday, 29 November 2023 10:04

රුපියල් කෝටි 1974ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 60ක්) ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරටට ලබාදීම සඳහා වූ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono අතර ඊයේ (28) අත්සන් තැබිණි.

මෙම ණය මුදල අරමුදල් නොලැබීම හේතුවෙන් අත්හිටුවා තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ අසම්පූර්ණ මාර්ගවල කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබාදී ඇත.

ඒ අනුව වැඩ අතරමඟ නවතා ඇති අසම්පූර්ණ මාර්ග සහ අලුත්වැඩියා කළ යුතු මාර්ගවල කටයුතු ඉක්මන් කිරීම සඳහා මේ මුදල් යෙදවීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාවට නංවා තිබූ අතර එහි දෙවැනි ආයෝජන වැඩසටහන යටතේ හතර වැනි වාරිකය ලෙස මෙම ණය මුදල ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙනු ඇත.

මෙම ණය මුදල ලබා ගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා අනුමැතිය ලැබුණු බව ද කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (28) පැවසීය.

ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ වූ ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති මුදල් නොලැබීම හේතුවෙන් අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මඟින් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු එම ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අදාළව සාකච්ඡා කර තිබේ.

ඒ අනුව මෙම ණය මුදල සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබිණි. මෙම හතරවැනි වාරිකයේ මුළු ආයෝජන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 68.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් රජය මඟින් දරනු ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us