ජනපතිගේ ඡන්ද ප්‍රතිඵල ගැන කතා කරන සජිත්ට වජිරගෙන් උත්තර

Published in පුවත්
Wednesday, 29 November 2023 10:42

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් කතා කළද මෙරට ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක අගමැති ධුරයට පත්වූයේ ජයග්‍රහණය කිරීමෙන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

 

එක්සත් ජාතික පක්ෂය යනු පරාජයන් තුළින් නැඟී සිටි පක්ෂයක් බවත් ඉතිහාසය පුරාවට එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන් සෑම නායකයකුම පාහේ පරාජයන් තුළින් ශක්තිමත්ව නැඟී සිටි බවත් මන්ත්‍රී වජිර අබේවර්ධන සදහන් කළේය.

 

''අද දවසේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් වෙලා තිබෙන වෙලාවේ අපි සියලු දෙනා අපේ සෑම විවාදයකදීම මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය තමයි අපි මේ සියලු විවාද කරන්නේ බංකොලොත් වූ රටක වැය ශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාවකයි.

 

තාම අපේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් බවෙන් මිදිලා නැහැ. එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ අමාත්‍යාංශයට බොහොම අමාරුවෙන් ශක්තිමත් නායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ වගේම ජානක වක්කුඹුර ඇමැතිතුමත්, ඒ වගේම අශෝක ප්‍රියන්ත ඇමැතිතුමත්, මේ අමාරු අවස්ථාවේ මේ අමාත්‍යාංශයට ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් කටයුතු කරමින් සිටිනවා.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කරනවා දෙසැම්බර් මාසයේ දී මේ රට බංකොලොත්භාවයෙන් ගලවගන්න. විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් රංජිත් අසෝක මැතිතුමා රාජ්‍ය සේවයේ ලැයිස්තුවේ ඉන්න ඉහළම නිලධාරියෙක්. එතුමා ඇතුළුව දිසාපතිවරුන් 25දෙනා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ සියලුම අපේ රාජ්‍ය නිලධාරින් ඉතාම අමාරුවෙන් පසුගිය අවුරුදු 3 මේ රට අරගෙන ගියා. ඇත්ත වශයෙන් ඒ ගැන ලේකම්තුමා, දිසාපතිවරු 25 දෙනා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින්ට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්තූති කරන්න තිබෙනවා. ඉතාම අමාරුම අවස්ථාවකයි ඔවුන් පරිපාලනය හසුරුවගෙන ගියේ.

 

වර්තමානයේත් ඉතාම අමාරු තැනකයි මේ අමාත්‍යාංශය තිබෙන්නෙ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය කරන භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, සම්පත් සියල්ලම නැතුව අමාරුවෙන් තමයි කරගෙන යන්නෙ. විදුලි සෝපාන නම් අලුත්වැඩියා කරලා නැහැ. වායුසමීකරණ අලුත්වැඩියා කරලා නැහැ. විශාල කඩාවැටීමක තිබෙන අවස්ථාවක්. මේ කඩාවැටීම තිබෙන අවස්ථාවේ තමයි මේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අපේ අගමැතිතුමාගේ නායකත්වය යටතේ අපේ ඇමැතිතුමාලා දෙන්නා බොහොම අමාරුවෙන් මේක කරගෙන යන්නෙ''

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us