දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස්වරයා හමුවන පළමු අවස්ථාව මෙයයි.

එළඹෙන මහමැතිවරණය සඳහා තරග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසයි. මහලේකම් ශාමිලා පෙරේරා මහත්මිය සඳහන් කළේ මැතිවරණය කොමසාරිස්වරයා හමුවී මහමැතිවරණයට තරග කරන බව තහවුරු කළ බවයි.

රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගීත රචකයකු වන රවී සිරිවර්ධන මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හා කලා උපදේශකයා ලෙස කටයුතු කළ සමන් දිසානායකගෙන් දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා මහරගම පොලිසියට පැමිණිලි කර ඇත.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරග කිරීම එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නොවන බව එම පක්ෂයේ මහ ලේකම් හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

ඊයේ මැදමුලනේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා කළ සංදර්ශනයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු සියයකට අධික සංඛ්‍යාවක සහභාගී වනු ඇති බවට බලපොරොත්තු වුවත් ඒ 28 දෙනෙකුට සීමාවීම නිසා වෙනම තරග කිරීම සඳහා ගත් තීරණය යළි අකුළා ගැනීමට සිදුවිය හැකි බව එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.

උසස් පොලිස් නිළධාරින් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී තනිවම තරග කිරීමට තීරණය කර ඇත.

පොසොන් පොහොය වෙනුවෙන් පැවති ශිල ව්‍යාපාරයට සහභාගි නොවූ දරුවන්ට දඩුවමක් වශයෙන් පාසලේ වැසිකිලි සේදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ගිය ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ විමර්ශන නිළධාරියාට විදුහල්පති සිඞ්නි අශෝක ලොකුකුමාර මහතා විසින් බැන තර්ජනය කර ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ තොරතුරු අනාවරණය කරයි.

worky

worky1

ld add copy

Connet With Us