ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (14) ඉවත්වුණි.

අධිකරණය මඟින් පාස්කු වින්දිතයින්ට ගෙවීමට නියම කළ මිලියන 311ක මුදලින් රුපියල් මිලියන 36,825,000ක මුදලක් හානිපූර්ණ කාර්යාලය වෙත ලැබී ඇතැයි අද (14) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල පමණක් මාර්ග දෙපස ගස් 100000ක් තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර මේ අතරින් ගස් 300ක් පමණ අවදානම් තත්වයේ තිබෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩසටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.

රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් ප්‍රකාශ කළේය.

අයවැයේ සතුට

Published in පුවත්
Tuesday, 14 November 2023 10:18

අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට සතුට පළකරමින් මහල් නිවාස ජනතාව එම සතුට ඊයේ දින සමරනු ලැබීය.

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉළක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ (13) අනුමැතිය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us