දරුවන් අතර ව්‍යාප්ත වන රෝග කිහිපයක් ගැන අනතුරු ඇඟවීමක් !

Published in පුවත්
Thursday, 23 November 2023 13:29

මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඒ , පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින බවත් වෛද්‍යවරයා පැවසීය.

එම නිසා මේ හේතුවෙන් දෙමව්පියන් දරුවන් ගැන වැඩි අවධානය යොමුකළ යුතු බවට අවධාරණය කරන  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ දවස්වල ළමුන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග ඒ කියන්නේ කැස්සසෙම්ප්‍රතිශ්‍යාවඋණවෛරස් උණ හා ඊට අමතරව ළමා හතියපාචනය සහ ඩෙංගු උණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව hand foot mouth disease කියන රෝගය යනවා. ඒ නිසා කැස්සසෙම්ප්‍රතිශ්‍යාවඋණ තියන දරුවෝ පාසලට යවන්න එපා. කට වටේ රතු ලපඅතේ රතු ලප තිබුණොත් ඒ දරුවන්ට අත්පා මුඛ රෝගය වෙන්න පුළුවන්. ඒ දරුවන්වත් ගෙදර තියා ගන්න. දවස් කිහිපයකින් හොඳවෙයි. ඩෙංගු ගැනත් කල්පනාකාරී වන්න. ඩෙංගු වර්ධනය වෙලා තියෙනවා. වැස්ස නිසා පාචනය තත්ත්වයනුත් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය අවම කරන්න මම හිතනවා පිරිසිදු ජලයපිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන්න. අත්දෙක හොඳට සබන් දාලා හෝදන්න. රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. ඒවා අවම කරගන්න අපි කටයුතු කරමු.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us