එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසන්නේ, වස්ත්‍ර පැළැඳවීමේදී විහාරාධිපති හිමියන් තනි මතයට කටයුතු කර ඇති බවය. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු සහ තවත් පිරිසක් සහය වී ඇත.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජු නිර්මාණය කරවූ බවට ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමාව කහකඩයකින් ආවරණය කිරීමේ ඡායාරූප සමාජමාධ්‍යට එක්වීමත් සමඟ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් විය.
මෙරට මෙන්ම ලෝක මට්ටමින්ම අති විශිෂ්ට නිර්මාණයක් ද වන මෙම ''හිටි බුද්ධ ප්‍රතිමාව'' මත නැගී ඇතැම් පුද්ගලයින් එම කහකඩය රඳවන ආකාරයද ඡායාරූපවල සඳහන් වුණි. පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නම් කර ඇති ස්ථාන සම්බන්ධයෙන් කවර කටයුත්තක් සිදු කළද ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ අවසරය ලබා ගැනීම සිදු විය යුතුය. ඇතැම් තැනක ස්පර්ෂය ද තහනම්ය. ඒ අනුව මෙම කහකඩ රැඳවීම අදාල නීති උල්ලංඝණය කිරීමක් වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප භාර පුරාවිද්‍යා නිලධාරීවරයා ඊයේ එහි ගොස් අවුකන පිළිමය හා එම ස්ථානය පරීක්ෂා කළේය.
ඒ අනුව අද අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයට අයත් උපකලාප භාර නිලධාරීවරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසියට පැමිණිලි කර තිබේ.
කෙසේ නමුත් මෙරට පුරාවිද්‍ය ස්ථාන බහුතරයයක් ආගමික සංස්ථාවල පාලනය යටතේ ඇති නිසා මෙවැනි විප්‍රකාර දේ නිරන්තරයෙන් සිදුවෙමින් තිබේ.