ඊයේ(07) රාත්‍රියේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද සහභාගිත්වයද  ඇතිව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත , ශ්‍රි ලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා යන අය  ජාතික ලැයිස්තුවෙන් තමන්ට මන්ත්‍රීධුර ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජලය කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. අපිට කුඩාකාලයේ ඉඳලම උපදෙස් ලැබෙන්නෙ පුළුවන් හැමවෙලේම වතුර බොන ලෙසයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනාධිපති සම්බන්ධීකරන ලේකම් ශිරාල් ලක්තිලක මහතා ජාතික හෙළ උරුමයේ නම මකා පිහිටවූ එක්සත් යහපාලන පෙරමුණ සමඟ එකතු වීම සඳහා මේ දිනවල චම්පික රණවක මහතා සමඟ දුරකතන සංවාදයක යෙදී සිටින බව වාර්තාවේ.

පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙස ආණ්ඩුවට බලකරමින් ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානය විසින් අද(08) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පෙත්සමක් අත්සන් කරන ලදි. ‘අධ්‍යාපනය අයිතියක්’ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව බණ්ඩාර පවසා සිටියේ මේ වනවිට මධ්‍යම ආණ්ඩුව විසින් පාසල්වලට ලබා දියයුතු ප්‍රතිපාදන කපා හරිමින් පාසලේ නඩත්තුව පාසල් සංවර්ධන සමිති හරහා දෙමාපියන් මත පටවමින් තිබෙන බවයි. මේ ආකාරයෙන් පාසල්වලට දහස් ගණන්වල සිට ලක්‍ෂ ගණන්වලින් මුදල් එකතුකිරීම නිසා දුප්පත් ජනතාවගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා නැතිවෙමින් පවතින අතර මේ වනවිටත් දුප්පත් පවුල් කිහිපයකම දරුවන් පාසල් යෑම නවත්තා ඇති බවත් පැවසීය. (සංජීව බණ්ඩාරගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න)

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට නාමයෝජනා දීමේ අවස්ථාවට හා දේශපාලන රැස්වීම් සඳහා ජනතාව සහභාගි කරවා ගැනීමට ලංගම බස් රථ ලබා නොදෙන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණඩලය පවසයි.

හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. මෙම පෝස්ටරය සකසා තිබුණේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිනා පාර්ශ්වයේ කුප්‍රකට ෆේස්බුක් ගිණුමක් ක්‍රියාකරවන්නෙකු විසිනි. ' sinhala bodhunuwa' ෆේස්බුක් පිටුවෙනි.

වික්‍රමබාහු රෝහලේ

Published in පුවත්
Wednesday, 08 July 2015 13:07

නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා රොහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද විරෝධි පාර්ශ්වයේ කොන්දේසි වලට හා විහිළු තහලු වලට යටත් වී නිවටයෙක් සේ සන්ධානයෙන් නාම යෝජනා බලාපොරොත්තු නොවී තනිව ඉල්ලා තම ශක්තිය පෙන්විය යුතු යැයි මහින්ද වාදී පිරිස් බොහොමයක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

worky

worky1

ld add copy

Latest News

බෝගම්බර බන්ධනාගාරය තරුපහේ හෝටලයකට සුදානමින්

බෝගම්බර බන්ධනාගාරය තරුපහේ හෝටලයකට සුදානමින්

ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට බෝගම්බර බන්ධනාගාරය පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝ...

Connet With Us