චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීම සදහා විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ජනතාවට එන්නත ලබාදෙන බවයි ඇය සදහන් කරන්නේ.

මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.

හදිසි තත්වය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ඉටු කරනු ලබන සියළු පාර්ශ්වයන් හට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත කඩිනමින් ලබා දෙන මෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

 පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට (16) සිට අවසර ලැබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කොරෝනා ආසාදිත වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීමට විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කොවිඩ් ආසාදිත සියලු රැඳවියන්ගේ තොරතුරු මෙම ඒකකය මගින් ලබාගැනීමේ හැකියාව තිබෙන බවත්, බන්ධනාගාර ගත රැඳවියා කොරෝනා ආසාදිත නම් පමණක් 011 46 77 101 අංකය ඔස්සේ අදාළ රැඳවියා පිළිබඳ තොරතුරු ඥාතීන්ට විමසීමේ හැකියාව ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේනවා.

වත්මන් ආණ්ඩුවේ ඉතා විශිෂ්ට දැක්මක් ලෙස ඉමහත් ප්‍රසාදයට ලක්ව 2020 වසරේ දිගහැරුන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ඉතා අසාර්ථක මුහුණුවරක් සමගින් කිසිදු සුභවාදී ප්‍රතිපලයක් නොලබා මන්දගාමී සහ දියාරු ක්‍රියාපිලිවෙතක් අනුගමනය කරමින් සම්පුර්ණ විනාශ මුඛයට ඇදදැමීමට අධ්‍යාපන අංශයේ එක් නිලධාරියෙක් විසින් කටයුතු කරනු ලැබිය.

ld add copy

Latest News

Connet With Us