මව්කිරි ලබාදෙන සියලු මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයන් සඳහා සුදුසු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව තිබේනවා.

මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් එළැඹෙන 24 වැනිදා සහ 25 වැනිදා යන දෙදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ තීන්දුව ගැනීම සඳහා විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමක් අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතය.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිතයි.

එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ මෙන්ම නීතිරීති වල විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාදීමට මාසයක කාලයක් ලබාදීමට ඒ සම්බන්ධයෙන් පත්කළ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර තිබේනවා.

ld add copy

Latest News

Connet With Us