කුකුළු පැටවුන් ඌරන්ට කන්න දෙන එක නවත්තයි.

Published in පුවත්
Tuesday, 12 December 2023 12:45

ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල  බිහි කරනු ලබන පිරිමි කුකුළු පැටවුන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඌරු ගොවිපොළවල  ඌරන්ට කෑම සඳහා යොදන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිණි.

මෙම කුකුළු පැටවුන් සතිපතා 5000ක් බැගින් ඒ අන්දමට ඌරු  ගොවිපොළවලට ලබා දී ඇත.

රැකියා විරහිතව සිටින පුද්ගලයින්ට මෙම සතුන් නොමිලයේ ලබා දී ඔවුන්ගේ දෛනික ආදායම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙතෙක් සතියකට පිරිමි කුකුළු පැටවුන් 5000ක් බැගින් ඌරන්ගේ ආහාරය සඳහා යොදවා තිබු අතර  එම සතුන් මස් පිණිස කුකුළු පාලනය සඳහා කැමැති පුද්ගලයින් අතර බෙදා දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පියවර ගත්තේය. මෙම පියවර මඟින් කුකුළු මස් හිඟයකින් තොරව වෙළඳපොළට පැමිණීම සිදු වෙනු ද ඇත.

මේ අතර මේ අතර බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් 'ජාතික හදබිම අධිකාරිය' ද නොමිලේ ගැහැණු පැටවුන් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

බිත්තර කර්මාන්තයේ ජීවනෝපාය දියුණු කිරීමේ වැඩසටහනක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් අතර කිකිළියන් 20,000ක් පමණ බෙදා දී ඇත. මෙම වැඩසටහන යටතේ එක් පවුලකට ගැහැණු පැටවුන් 10ක් හෝ 20ක් ලබාදීමට පියවර ගෙන ඇත.

මේ වනවිට මෙම වැඩසටහන යටතේ බෙදාහරින කිකිළියන්ගේ බිත්තර වෙළෙඳ පොළට පැමිණෙමින් පවතින අතර, මෙම කර්මාන්තයේ නියැළෙන ජනතාවටද අමතර ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us