වසරේ ගත වූ කාලය තුළ මිලියන 21,000ක් වටිනා මත්ද්‍රව්‍ය වැටලීම්...

Published in පුවත්
Thursday, 30 November 2023 09:41

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 27 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 20,576ක මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ වැටලීම්වලින් රුපියල් මිලියන 21,000කට ආසන්න වටිනාකමිකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන ඇති බවය.

එම කාලය තුළ හෙරොයින් මත්‍ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 715යි ග්‍රෑම් 509ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 17,887ක්ය. තවද කේරල ගංජා කිලෝග්‍රෑම් 3641යි ග්‍රෑම් 15ක් සහ දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 288ක තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවත් එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 1,456ක් වන බවත් නාවික හමුදාව පැවසුවේය.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 755ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 95ක් වන බවත් රුපියල් මිලියන 1,127ක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 140යි ග්‍රෑම් 993ක තොගයක් ද මේ වසරේ සිදුකළ වැටලීම්වලින් නාවික හමුදාභාරයට ගෙන ඇති බවත් නාවික හමුදාව පවසයි.

අදාළ මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයින් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර පාකිස්තාන ජාතිකයින් 02කු, ඉරාන ජාතිකයින් 06 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු වන බව නාවික හමුදාව සඳහන් කළේය.

එමෙන්ම මෙරට පුද්ගලයින් 215 දෙනෙකු ද මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය යන චෝදනා මත මේ වසරේ ගත වූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ විදෙස් ජාතිකයින් සතු බෝට්ටු 03ක් සහ මෙරට පුද්ගලයින් සතු බෝට්ටු 43ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us