රට ගොඩගන්න ලෝකයක් උදව් කළත් විපක්ෂය හදන්නේ රට අගාධයට ගෙන යන්න - මන්ත්‍රී නිමල් ලාන්සා

Published in පුවත්
Wednesday, 22 November 2023 12:15

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ලෝකයම උදව් කරද්දී විපක්ෂය රට අගාධයට ගෙන යන්න  කටයුතු කළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඊයේ(21) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.



මන්ත්‍රී නිමල් ලාන්සා, වැඩිදුරටත් පවසා සිටියේ,

“වෙනදා ඉදිරිපත් කරන අයවැය ලේඛණයක් විදියට මෙවර අයවැය ලේඛණය අපිට ඕන ඕන විදියට හදන්න බැහැ. රට පසුගිය අවුරුද්දේ බංකොලොත් වුනාම අවුරුදු 4 කට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹූනා. ඒ මේ ආර්ථිකය ගොඩනැගීමට යම් වැඩසටහනක් වෙනුවෙන්. ඒ අනුව තමා අපිට අයවැය ලේඛණය හදන්න වෙලා තියෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යෝජනා කර තිබෙන්නේ අපේ ආදයම් වලින් වියදම් පියවගන්න කියාලා. ඒ නිසා මුදල් අච්චු ගහන්න බැහැ. ණය ගන්න සීමාවක් තියෙනවා. ඊට පරිභාහිරව බැහැ. ඒ නිසා යම් වැඩසටහනක් තුළ තමා මේ අයවැය ලේඛණය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. යම් ආර්ථික සංඛ්‍යාලේඛණ පදනම් කරගෙන, ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් මත දේශපාලන කෝණයෙන් තොරව, දේශපාලන ජන්ද පොරොන්දු නැතිව රටක් විදියට ගන්න ඕන තීරණ පසුගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් අරන් තියෙනවා.

විපක්ෂය මොන මති මතාන්තර කීවත් ගිය අවුරුද්දයි මේ අවුරුද්දෙයි ආර්ථික සංඛ්‍යාලේඛණ සංසන්දනය කරද්දි විශාල පිම්මක් අපිට ඉදිරියට එන්න පුලුවන් වෙලා තියෙනවා. විපක්ෂයේ කවුරුත් මේ ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන කතා කළේ නැහැ. ඒ අය යම් සිල්ලර දේවල් ගැන කතා කළා. පසුගිය අයවැයත්, මේ අයවැයත් බලාපොරොත්තුවුණු ආර්ථික සංඛ්‍යාලේඛණ වර්ධනය කරගන්න පුලුවන් කමක් ලැබිලා තියෙනවා. මීට අවුරුදු එක හමාරකට ඉස්සෙල්ලා මේ රටේ තිබුණු තත්ත්වය ගැන කල්පනා කරලා බලන්න. ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා, මුළු රටම ගිනිගෙන තිබුණා. මිනිස්සු තැනින් තැන මැරිලා වැටුණා. මිහිපිට අපායක් වගේ තිබුනේ. රට සම්පූර්ණයෙන් අරාජික වෙලා පාන් කියාගන්න බැරිව හිටියේ. මේ දේවල් අමතක කරන්න හොඳ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජියා කිව්වා ශ්‍රී ලංකාවේ තත්ත්වය දැක්කම හදවත පිච්චෙනවා කියලා. මහ බැංකු අධිපතිතුමා කීවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් හැදුවේ නැතිනම් සති දෙක තුනක් බලලා යනවා කියවලා කිව්වා. එදා රටේ තිබුණු තත්ත්වය මේකයි.

සමාජය විශාල පීඩනයකට ලක්වෙලා හිටියා. විශාල පීඩනයකට රට පත්වෙලා තිබුණා. අවුරුදු එක හමාරක් යනකොට රට තිබුණු තත්ත්වය අමතක වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මේ රටේ අගමැතිකම භාර ගන්නකොට රුපියල් තිබුනෙ නැහැ. ඩොලර් තිබුනේ නැහැ. බෙහෙත් තිබුනේ නැහැ. පොහොර තිබුනේ නැහැ. කර්මාන්ත ශාලා කඩාගෙන වැටිලා, සෞඛ්‍ය කඩා වැටිලා, ප්‍රවාහනය නැවතිලා, නගර හිස්වෙලා, කඩසාප්පුවල රාක්ක හිස්වෙලා එවැනි තත්ත්වකයි රට තිබුනේ.

වැටිච්ච රට තව වට්ටන්න විපක්ෂය උද්ඝෝෂණය කළා, හර්තාල් කලා, වැඩවර්ජන කලා රට පල්ලයහට දාන්න විශාල වැඩ කොටසක් කළා. රට උඩට ගන්න වැඩ කළේ නැහැ. රට වැටෙද්දි තව තව වට්ටන්න, කාලකන්නි සතුටක් විපක්ෂය අරගත්තා.

පාසල් වහලා, රාජ්‍ය සේවය සීමා කරලා, සංචිත නැහැ, නැව් වරායේ සල්ලි ගෙවාගන්න බැරිව දවස් ගණන් තිබුනා. ණයවර ලිපි පිළිගන්නේ නැහැ, විදේශ ණය ගෙවීම අත්හිටුවලා රට බංකොලොත් වෙලා තිබුණා. රටේ විශාල සාගතයක් එනවා, පැය 24 ක් විදුලිය කපන්න වෙයි කියලා විපක්ෂය මතයක් ගෙනිච්චා. මේ අවස්ථාවේ බලය ගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයට ආරාධනා කළා. අද කයිවාරු ගහන විපක්ෂය භාර ගන්නේ නැතිව පැනලා ගියා. තැන් තැන්වල සම්මන්ත්‍රණ තියලා වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න බැහැ කියලා කිව්වා. අද ආර්ථිකය ගැන කතා කරන විශේෂඥයෝ එදා විපක්ෂයට පාඩම් ඉගැන්නුවා මේක භාර ගන්න එපා කියලා.

එවැනි අවස්ථාවක තමා ගරු ජනාධිපතිතුමා මේක භාර ගත්තේ. භාර අරගෙන විශාල තැනකට අද ගෙනල්ලා තියෙනවා. ඉන්දියාව විශාල සහයෝගයක් ලබා දුන්නා. බිලියන 4 ක් විතර ලබා දුන්නා. බෙහෙත්, තෙල්, ආහාර ලබා දුන්නා. විශේෂයෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ උදව් ලබාගන්න රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විශාල කාර්යභාරයක් කළා. මහබැංකු අධිපතිතුමා, භාණ්ඩාගාර ලේකම්තුමා, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විශාල වැඩකොටසක් සිදු කළා. ඇමරිකාව, චීනය, ජපානය අපිට උදව් කළා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව අපිට උදව් කළා. තෙල්, පොහොර, බෙහෙත්, ආහාර ටික ලබා ගන්න ජනාධිපතිතුමාට විශාල වැඩකොටසක් කරන්න සිදුවුනා. රට යම් මට්ටමකට රැගෙන ඒමට උදව් කළ සියලු දෙනා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.

රට වැටිලා නන්නත්තාර වෙලා තියෙද්දි, කන්න නැතිව, තෙල් ටික නැතිව, බෙහෙත් ටික නැතිව තියෙද්දි මුළු ලෝකයම අපට උදව් කළා. හැබැයි අපේ විපක්ෂය මොකක්ද කළේ රටපුරා හර්තාල්, උද්ඝෝෂණ, වැඩවර්ජන දියත් කළා. දේශපාලන වාසි ගන්න. ලෝකයේ මිනිස්සු එහෙම කළේ නැහැ. ඉන්දියාව එහෙම කළේ නැහැ. ඉන්දියානු ජනතාව එහෙම කළේ නැහැ. තමිල්නාඩු ජනතාව තමන්ගේ දේවල් අපට පරිත්‍යාග කළා. එහෙම තත්ත්වයක මේ රට තිබුනේ. ටික කාලයක් යනකොට මේ දේවල් අමතක වෙලා තියෙනවා.

හැමදාම පෙළපාලි, හර්තාල්, වැඩවර්ජන. අද ඒවා නැහැ. රට යම් තැනකට ඇවිල්ලා තියෙනවා. විපක්ෂය එදා මොනවද කිව්වේ. ප්‍රේෂණ එවන්න එපා, සංචාරකයින්ට මේ රටට එන්න එපා කිව්වා. ආයෝජකයින්ට මේ රටට එන්න එපා කිව්වා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා. මේ රට ගිනි තිබ්බා. මේ දේවල් අමතක වෙලා. මේවා මතක් කරලා දෙන්න ඕනේ. විපක්ෂය උත්සාහ කළේ මේ රට කබලෙන් ලිපට වට්ටන්න. මොන බාධක තිබුනත් ජනාධිපතිතුමා ඒ බාධක සියල්ල පසු කරලා ජනතාවගේ වාසනාවට රටේ ආර්ථිකය යම් තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. එහෙම අවස්ථාවක මෙවර අයවැය ලේඛණය ඉදිරිපත් කරලා තියෙනවා.

ජනාධිපතිතුමා භාර ගත්ත්ට පස්සේ එදා තිබුණු තත්ත්වයට වඩා අද තත්ත්වය හොඳ වෙලා නැද්ද?. එදා ඩොලර් මිලියන 24 යි තිබුනේ. අද ඩොලර් බිලියන 3.5 ට සංචිත වැඩිවෙලා. බැංකු පොලිය සියයට 36 ට ගිහිල්ලා අද සියයට 14 ට අඩුවෙලා තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. උද්දමනය සියයට 90 ට විතර ගියා. අද ආසියාවේ අඩුම උද්ධමන වේගය තියෙන රට බවට පත්වෙලා තියෙනවා. ආනයන සීමා ඉවත් කරලා තියෙනවා. එදා පෝලිම් තිබුනා. අද පෝලිම් නැහැ. පොහොර මිටිය රුපියල් 42,000 ට ගියා. අද රුපියල් 9,000 ට පොහොර ගන්න තියෙනවා. කලුකඩේ පෙට්‍රල් රුපියල් 4,000 ට ගියා. අද පෙට්‍රල්, ඩීසල් තියෙනවා. මේ දේවල් අමතක කරන්න හොද නැහැ.

ණයවර ලිපි පිළිගන්නවා. අද දේශීය ආදායම වැඩිවෙලා තියෙනවා. ඩොලර් ආදායම වැඩිවෙලා, ප්‍රේෂණ වැඩිවෙලා, සංචාරක ආදායම වැඩිවෙලා තියෙනවා. මේ දේවල් කවුරුත් කතා කරන්නේ නැහැ. ආර්ථිකය ගැන කතා කරනවන්ම් සංඛ්‍යාලේඛණ වලට මුල්තැන දෙන්න ඕනේ. මොනවද විපක්ෂය කියන්නේ සමහර පොරොන්දු ඉටු කළේ නැහැලු. රටක වැදගත්ම දේ ආර්ථික සංඛ්‍යාලේඛණ. විශාල ප්‍රගතියක් අත්කරගෙන එනකොට විපක්ෂය ඒකට ඉඩ දෙන්නේ නැහැ. රට ඉන්න අයට කිව්වා සල්ලි එවන්න එපා දේශපාලඥයින් හොරා කනවා කියලා. අම්මට, තාත්තට එවන සල්ලි කොහොමද හොරා කන්නේ.

අස්වැසුම, රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැඩි කරලා තියෙනවා. අද විශාල පිම්මක් රට ඉදිරියට ඇවිත් තියෙනවා. මේ අයවැය ලේඛණයෙන් ලබන වසරේ තවත් ඉදිරියට යන්න පුළුවන් කියලා පූරෝකථනය කරලා තියෙනවා. ආර්ථික වර්ධනයකට යනවා කියලා පූරෝකථනය කරලා තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්.

මොනවද විපක්ෂය අයවැය ගැන කියන්නේ. එරාන් මන්ත්‍රීතුමා කියනවා මේක ඩිස්නිලන්තයකට යනවා කියලා. හර්ෂ ද සිල්වා මේක ඔක්සිමෝවරුන්ගේ අයවැයක්ලු. හරිනි මන්ත්‍රීතුමිය මේක විප්ලවීය අයවැයක් නෙමේ සුරංගනා අයවැයක් කියලා කියනවා. සජිත් මැතිතුමා ගිය අවුරුද්දේ වැඩ කරලා නැහැ කියලා කියනවා. විපක්ෂය මොකද කරන්නේ. දේශපාලනය වෙනුවෙන් මිත්‍යාව පැළ කරනවා. සත්‍ය වෙනුවට බොරුව වපුරනවා. කුහකත්වය වපුරනවා, වෛරය වපුරනවා. ආර්ථිකය මනින මිණුම්දඩු තමා සංඛ්‍යාලේඛණ. ලෝකමය පිළිගන්න දේ. හැබැයි විපක්ෂය ඒ ගැන කතා කරන්නේ නැහැ.

සංචිත වැඩිවුනාම ආර්ථිකය හොඳ තත්ත්වයකට පත්වෙනවා. විපක්ෂයේ විශාල පිරිසක් කියන්නේ විදුලි බිල, බඩු මිල දරාගන්න බැහැ කියලා. ඒ සියලු දේ පිළිගන්නවා. ආණ්ඩුවක් විදියට කැමතියි ඒ සියලු දේ අඩු කරන්න. රටේ තියෙන ආදායම මදි වියදම සපුරගන්න. රජයේ වැටුප්, විශ්‍රාම වැටුප්, බෙහෙත් ටික දීලා පුනරාවර්තන වියදම් සපුරගන්න ආදායම මදි. විපක්ෂය ආදායම වැඩි කරගන්න ක්‍රමය හරි, වියදම අඩුකරගන්න ක්‍රමය හරි කියන්න ඕනේ. මේ එකක්වත් කියන්නේ නැහැ. ආදායම වැඩි කරන ක්‍රමය කියන්නෙත් නැහැ. වියදම අඩුකරන ක්‍රමය කියන්නෙත් නැහැ. ලෝක වෙළෙදපොලේ තෙල් මිල වැඩි කරද්දි අපිට තෙල් මිල අඩු කරන්න පුලුවන්ද?. ලෝකයේ මිල වැඩිවෙද්දි මෙහෙ අඩු කරන්න පුලුවන් ක්‍රමවේදය විපක්ෂයේ කවුරුහරි කියන්න ඕනේ. මේ යථාර්ථය, ඇත්ත ජනතාවට තේරුම් කරලා දෙන්න ඕනේ.

දේශපාලඥයින් බොරු කියලා, රවට්ටලා බලය ගත්තට කරන් යන්න බැහැ. මාස තුනයි මාස හයයි කරන්න පුලුවන්. මුදල් ගස් වලින් කඩන්නත් බැහැ. අහසින් වැටෙන්නෙත් නැහැ. අපේ ආදායම වැඩි කරන ක්‍රමය කියන්න ඕනේ. අපනයන වැඩි කරන්න ඕනේ, සංචාරකයෝ ගේන්න ඕනේ. ප්‍රේෂණ ගෙන්නගන්න ඕනේ. කර්මාන්ත ශාලාවලට පහසුකම් දෙන්න ඕනේ. තාක්ෂණය දෙන්න ඕනේ. මේ සියල්ල මේ වෙනකොට කරගෙන යනවා. විශාල වැඩපිළිවෙළක් සිදුකරමින් පවතිනවා.

විපක්ෂයට කිසි වැඩපිළිවෙලක් නැහැ. කිසිම විකල්පයකුත් නැහැ. ආණ්ඩුව සමහර දේවල් කරන්නේ අකමැත්තෙන්. බදු වැඩිකරන්නේ. විදුලිය වැඩි කරන්නේ. එහෙම නැතිවුනොත් මොකද වෙන්නේ. ආදායම අඩුවෙනවා. රුපියල් අඩුවෙනවා. තෙල් ගේන්න සල්ලි නැතිවෙනවා. කර්මාන්ත ශාලා වැටෙනවා. ප්‍රවාහනය වැටෙනවා. සියලු ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. කොහොම හරි තෙල් ටික ගලපලා මේ දේවල් දුවන එක හොද නැද්ද ?. ඒ දේ තමා ආණ්ඩුවක් විදියට කරගෙන යන්නේ.

විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම ව්‍යාපෘතියක් ආවාම විරුද්ධ වෙනවා. උමා ඔය, දක්ෂිණ අධිවේගී මාර්ගය, වරාය ව්‍යාපෘතිය මේ හැමදේටම විරුද්ධ වුනා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක්, ජාත්‍යන්තර පාසලක් ආවම විරුද්ධ වෙනවා. හැබැයි පිටරට ගිහින් ආයෝජනයට එන්න කියලා කියනවා. නිව් ප්‍රෝට්‍රස් විරුද්ධ වුනා, සාම්පූර් විරුද්ධ වුනා. හැබැයි පන්දම් අරන් යනවා විදුලි බිල අඩුකරන්න කියලා. විදුලි බිල අඩුකරන්න ව්‍යාපෘති ගේනකොට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙනවා”

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us