ජපන් ආධාර දිගටම

Published in පුවත්
Wednesday, 22 November 2023 12:35

ශ්‍රී ලංකාවේ ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයෙන් ජපන් යෙන් මිලියන එකසිය හැටක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 335 ක)  ආධාර මුදලක් ලබා දීමට එකඟ වී ඇති බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

මෙම ප්‍රදාන සහයෝගීතාවයේ අරමුණ වූයේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රචාරය කරන කාලගුණ අනාවැකි සහ තොරතුරු වැඩිදියුණු කිරීම තුළින් ව්‍යසනකාරී කාලගුණික සංසිද්ධීන් හේතුවෙන් ඇති වන උපද්‍රවවල අහිතකර බලපෑම් ඵලදායී ලෙස අවම කිරීම බව එම නිවේදනයේ සදහන්ය.

විශේෂයෙන් සම්ප්‍රදායික සන්නිවේදනය අඩාල විය හැකි අධික වර්ෂාව, අකුණු, නාය යෑම් වැනි දරුණු ආපදා අවස්ථාවන්හිදී වුවද, විශ්වාසනීය ලෙසදත්ත සන්නිවේදනය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වනඉතා කුඩා විවර පර්යන්ත සන්නිවේදන පද්ධතියක් (VSAT) ලබාගැනීමට දුන් ආධාරයත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තිත ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීමට මෙම ප්‍රදාන ආධාරය මහඟු අනුග්‍රහයක් වන බවත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉහත ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම, වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සහ ජපාන රජයේ තානාපති අතිගරු මිසුකොෂි හිදෙයකි  විසින් ද, ප්‍රදාන ගිවිසුමට අත්සන් කිරීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා විසින් ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ ගෞරවනීය සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 22 වන දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී සිදු කලේය.

එමෙන්ම ධීවර කර්මාන්තය සඳහා ද  ආධාරක උපකරණ සැපයීම පිණිස ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ   ජපන් යෙන් මිලියන දෙසීයක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 435) ප්‍රදාන ආධාර මුදලක් ලබා දීමට එකඟත්වය පළ කර ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය, ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය, රැකියා අවස්ථා උත්පාදනය, ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සහ අපනයන ඉපැයීම් ඉහළ නැංවීම සදහා තිරසාර විභවතාවයක් සහිත ක්ෂේත්‍රයක් නිසාත්, ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම, පසු අස්වනු හානිය අවම කිරීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීම, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, විදේශ විනිමය ඉහළ නැංවීම සහ සහ ධීවර කර්මාන්තයේ දිගුකාලීන තිරසාර බව සහතික කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම රජයේ අපේක්ෂාව වන බවත් එම නිවේදනයේ සදහන්වේ.

ඉහත කරුණ සැලකිල්ලට ගනිමින්, ධීවර කර්මාන්තය සඳහා ආධාරක උපකරණ සැපයීම සඳහා ජපන් ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන දෙකක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 435 ක) මූල්‍යමය ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟ වී ඇත.

මෙම ප්‍රදාන ආධාරයේ අරමුණ වන්නේශීත දාම (cold chain)  පහසුකම් සංවර්ධනය කිරීමත්, නවීන විද්‍යුත් උපකරණවලින් ධීවර ක්ෂේත්‍රය සන්නද්ධ කිරීමත් මගින්,  මුහුදු නිෂ්පාදන සදහා ඉහළ අගයක් එකතු කිරීම තහවුරු කරනු  හා එමගින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම බවය.                                                                                                                                                             

මෙම ආධාර යටතේ අයිස් සැකසීමේ යන්ත්‍ර, ඩිජිටල් කිරුම් තරාදි (Digital Platform Scales), ධීවර දැල්කට්ටල, පෙර සැකසූ ශීතකරණ/ අධි ශීතකරණ සහ අධි ශීතකරණ සහිත ට්‍රක් රථ සැපයීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම ධීවර කර්මාන්තයේ පෞද්ගලික අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම තුළින් වටිනාකම් දාමයේ පවතින බාධාවන් අවම කර තරගකාරිත්වය වර්ධනය කිරීම උදෙසා මෙම ප්‍රදාන සහ යෝගීතාවය මහඟු අනුග්‍රහයක් වනු ඇති බවට එම නිවේදනයේ  සදහන්ව ඇත.

 Ranjana

Last modified on Wednesday, 22 November 2023 12:39

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us