ඉන්දීය ධීවරයන් 22ක් නිදහස් කරමින් ඉන්දු- ලංකා මිතුදම යළිත් සනිටුහන් කරයි

Published in පුවත්
Tuesday, 21 November 2023 09:16

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 22ක්, ඔවුන් පැමිණි යාත්‍රා 5ක් සමඟ නිදහස් කර තිබේ.

ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් මත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය තහවුරු කිරීමේ තවත් ප්‍රතිඵලයක් වශයෙන් මෙය සිදුවී ඇත.

සීතාරාමන් සෙනසුරාදා රාත්‍රියේ රාමේෂ්වරම් වෙත පැමිණ තිබුණේ පසුදා අග්‍රාමාත්‍යවරයාගේ යටතේ සුබසාධන කටයුතු බෙදා හැරීමටය. එහිදී ධිවරයන් මෙම අත්අඩංගුට ගැනීම ගැන පවසා ඇති අතර ඇයට එම ධීවරයන් නිදහස් කර දෙන මෙන් ඉල්ලා සිට ඇත. ඒ අනුව මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් එයට එකඟ වී නොතිබිණි.

පසුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මැදිහත්ව බලධාරීන් සමඟ කාතාබහ කර මෙම ගැටළුව විසඳා ඇත. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටඵුවක් ඇති නොවීම වෙනුවෙන් සාගල රත්නායක මහතා මීට මැදිහත් වී සුහදව ගැටළුව සමතයකට පත් කිරීමට සමත්ව තිබිණි.

නිදහස් කළ යාත්‍රා පසුව ඉන්දියාව වෙත යැවීමට පියවර ගෙන ඇති අතර, මුලින්ම ධීවරයන් පිරිස පමණක් භාරදීමට පියවර ගෙන තිබුණි. එසේ නිදහස් කරන ලද ඉන්දීය ධීවරයන් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා මඟින් ජාත්‍යන්තර මුහුදු කලාපයට රැගෙන ගොස් ඉන්දීය නාවික හමුදාවට භාර දීමෙන් පසුව එම ධීවරයන්ගෙන් කොටසක් ඊයේ (20) අලුයම ඉන්දියාවේ පම්බන් වරායට ළඟාවී ඇත.

අනෙක් ධීවරයන් පිරිස ඔවුන් පදිංචි පළාත් අනුව ඒ ඒ වරායන් වෙත යැවීමට ඉන්දීය නාවික හමුදාව පියවර ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ ධීවරයන් පිරිස ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය නොකළ බවත්, අධික සුළං සහිත තත්ත්වය මත ඔවුන්ගේ යාත්‍රා උතුරු මුහුද දෙසට ගසාගෙන ආ බවත්ය.

 

Last modified on Tuesday, 21 November 2023 09:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us