ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන ICC තීරණය අද

Published in පුවත්
Tuesday, 21 November 2023 09:27

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණයක් ගැනීමට අද නියමිතව ඇත.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කරන්නේ නම් ඒ සඳහා පනවනු ලබන කොන්දේසි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර එළඹෙන වසරේ පැවැත්වීමට නියමිතව ඇති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැනද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාද සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් ක්‍රිකට් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් සභාපතිවරයාට ක්‍රියාකාරී මට්ටමකින් මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නොහැකි වී ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us