සරසවි සිසුවාගේ දාන පාරමිතාව

Published in පුවත්
Tuesday, 21 November 2023 11:42

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අග්න්‍යාසය සහ අක්මාව ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස් දෙනෙකුට බද්ධ කිරිම සදහා ඔහුගේ දෙමාපියන්ගේ කැමැත්ත මත ලබාගෙන ඇත.



මීට අමතරව එම සිසුවාගේ ඇස් දෙක දෙනෙත් නොපෙනෙන දෙදෙනකුට ආලෝකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ගනු ලැබ ඇති අතර, අවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ සම, රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම එම සිසුවාගේ මවුපියන්ගේ කැමැත්ත මත දන් දී ඇත.

මෙසේ සිරුරු කොටස් ලබාගෙන ඇත්තේ වේයන්ගොඩ, මාලිගාතැන්න නිවසේ පදිංචිව සිටි කේ.පී.ටී. තනූෂ ඉසංක රණසිංහ නමැති සිසුවාගෙනි. මෙම තරුණයා දුම්රියකින් ඇද වැටී මොළේට හානි වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියේය.මියගිය සිසුවාගේ පියා වන නිමල්සිරි රණසිංහ සහ මව වන චන්ද්‍රිකා රංජනී සිය බාල පුතුගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්ව සිටින අතර ඔවුහු  අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

“ මිය ගොස් සිටින අපේ බාල පුතා කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. අපේ වැඩිමල් පුතා වන කසුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ උපාධියක් හදාරනවා. මිය ගිය බාල පුතා විශ්ව විද්‍යාලයට ගියේ ආවේ දුම්රියෙන්. සුපුරුදු පරිදි ඔහු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් වෙලා කොළඹ කොටුවේ ඉඳලා රඹුක්කන බලා යන දුම්රියෙන් ගෙදර එන්න ඇවිත් තිබෙනවා. දෙමටගොඩ සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතරදී පුතා දුම්රියෙන් ඇද වැටී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ විශේෂඥ වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහුගේ මොළේ මිය ගොස් ඇති නිසා ජීවත් කිරීමට නොහැකි බවට තීරණය කර තිබුණා. රෝහල් වෛද්‍යවරයකු අපට කිව්වා පුතාගේ සිරුරු කොටස් පරිත්‍යාග කිරීමට කැමති නම් රෝගීන් රැසකට ජීවත් වීමේ වාසනාව ලබාදිය හැකි බව. අපි දෙවරක්ම නොසිතා පුතාගේ සිරුරු කොටස් දන්දීමට කැමැත්ත දුන්නා අපේ මේ බාල පුතා ද ජීවත්ව සිටියදී තමන් හදිසි අනතුරකින් මියගිය හොත් සිරුරු කොටස් දන් දෙන ලෙස ඉල්ලීමක් කර ඒ බව ඔහුගේ සමීප මිතුරන්ට දැනුම් දී තිබුණා.

නිරපරාදේ පොළොවට පස්වෙලා යන සිරුරේ ඕනෑම කොටසක් ලබාගෙන අසරණ රෝගීන්ට ජීවිතය ලබාදෙන ලෙස අප වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා. පුතාගේ මරණය අපට කොහෙත්ම දරා ගන්න බැහැ. පුතා ගැන මතක් වෙන මොහොතක් පාසා අපේ හදවත් පැලී යන අන්දමේ මහා වේදනාවක් දැනෙනවා.පුතාගේ සිරුරෙන් ලබාගත් කොටස් රෝගීන් ගණනාවකට බද්ධ කරලා ඔවුන් සුවපත් වෙමින් සිටින බවට වෛද්‍යවරුන් දැනුම් දීමක් කළා. ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් ගණනාවකට පුතා නිසා ජීවිතය ලැබුණු බව අසා සතුටු වුණා. ඒ ගැන හිතලා අපේ මහා වේදනාව යම් තරමකින් හෝ තුනී කරගෙන හිත හදාගන්න පුළුවන් වේවි යැයි කියා සිතනවා " යැයිද මියගිය සිසුවාගේ මව්පියෝ පැවැසූහ.මියගිය සිසුවාගේ අවසන් කටයුතු මාලිගාතැන්න පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබිණි.


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us