ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව  ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසීය.

 

රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ නැති කර පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් එය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් බරපතළ ලෙස අසාධ්‍යව සිටි අග්බෝ ඇතාගේ පාදය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී  සම්මත විය.

කාන්තා සේවා නියුක්තිය සම්බන්ධව නව නීතියක් හඳුන්වා දුන්නත් අර්ධ කාලීන රැකියා පිළිබඳ එහි සඳහනක් නොමැති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත රමනි ගුණතිලක පැවසුවාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ලෝක ගැටලු රටට ගැලපෙන ආකාරයට විසදා ගත හැකි දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us